• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට දාලා යන අසු දහසකට වරාය නගරයෙන් රැකියා දෙනවා – ඇමැති පාඨලි

11 April 2019
in සංවර්ධන

මෙරට හැර යාමට නියමිත වෘත්තීයවේදීන් 80,000 කට වරාය නගරයෙන් රැකියා අවස්ථා ලබා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 710 ක වියදමින් ඉදිකරන ලද දන්තුරේ පොත්තපිටිය බස්නැවතුම්පල සහ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක මහතා ද එක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ මේ ඉඩම ලංකාණ්ඩුවේ කොටසක් හැටියට ගැසට් කරන්න ඕනේ. ඊ ළඟට මේක නාගරික සංවර්ධන ප‍්‍රදේශයක් විය යුතුයි. ඊ ළඟට මේකේ ඉඩම් විකිණීමේ කටයුතු ඇතිකර ගන්න ඕනේ. මේකටම අදාල නීති පද්ධතියක් ඇතිකරගන්න බලාපොරොත්තු වෙනවා. මේක නිදහස් වෙළඳ කලාප පාලනය කරනවා වගේ කොළඹ නගර සභාවෙන් නෙමෙයි විශේෂ පාලන අධිකාරියකින් පාලනය වෙන්නේ. එහි පදිංචි කරුවන් අතරේ වෙනම ඡන්දයක් තියෙනවා. ඒක තමයි තත්වය 2024 දක්වා මේ ඉඩම් කට්ටි 4 යි, අර උද්‍යානයයි, තව යොට් මැරීනා එකක් ඇතිවෙනවා. ඒ පහ විතරයි 2025 වෙනකන් කෙරෙන්නේ. ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඊට අමතරව ඔබතුමාලට පේනවා කැළණි පාලම, එම පාලම උඩින් පාරක් එනවා වරාය හරහා චෛත්‍ය පාරට. චෛත්‍ය පාරේ සිට කොල්ලූපිටිය හන්දිය දක්වා වෙරළ දිගේ පොළව යටින් පාරක් ඉදිකරනවා. ඒකටත් අවශ්‍ය කරන ගිවිසුම් පත‍්‍ර ඇතිවුණා. මාර්ග සංවර්ධන අධිකාරිය අපට සැලසුම් දුන්නා. එම පාර ඇතිකිරීම සඳහාත් පොලී විරහිත ණයක් ලැබෙනවා. එමගින් එහි කටයුතු සම්පූර්ණ වෙනවා. අපි දැනට විදුලි බලය සහ ජලය ලබාදී තිබෙනවා. කැළි කසල අපහරණය සඳහා වැඩසටහනක් අනාගතයට හදලා තිබෙනවා. මේක මේ රටේ විශාල ආයෝජනයක්. ආකර්ෂණයක්. මේ රට දාලා යන්න නියමිත 80,000 ක් වෘත්තීයවේදීන්ට මෙහි රැකියා අවස්ථා ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.’ යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 19
Previous Post

මට ගැහුවාට මම ගහන්නේ නෑ – ජනපති මාධ්‍යයට කියයි

Next Post

වර්ඩ් සරසවියේ ගෝලීය සවිබලගැන්වීමේ සමුළුවට ඇමැති සුජිව යයි

editor

editor

Next Post

වර්ඩ් සරසවියේ ගෝලීය සවිබලගැන්වීමේ සමුළුවට ඇමැති සුජිව යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved