• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට වටේ දවස් 45ක් කි.මී.1500ක් ගිය ශාමි ෂාහීද් ජනපති හමුවෙයි !

30 August 2024
in විශේෂාංග
රට වටේ දවස් 45ක් කි.මී.1500ක් ගිය ශාමි ෂාහීද් ජනපති හමුවෙයි !

ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ප්‍රදේශයේ ශාමි ෂාහීද් තරුණයා ඊයේ (28) කොළඹ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුව ඇත.

මෙම තරුණයා තම ගම් ප්‍රදේශය වන බේරුවලින් ගමන් අරඹා දිවයින වටා කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ගමන් කරමින් මෙම වාර්තාව සනිටුහන් කර තිබේ.

එහිදී ඔහු විසින් බේරුවල, අම්බලන්ගොඩ්, මිරිස්ස, හිරිකැටිය, රන්න, හම්බන්තොට, වැල්ලවාය, මොනරාගල, සියඹලාණ්ඩුව, පොතුවිල්, නින්දවූර්, චෙන්කලඩි, නිලාවේලි, මුලතිව්, පරන්තන්, පේදුරුතුඩුව, චුන්නාක්කම්, මන්නාරම, මැදවච්චිය, අනුරාධපුර, පුත්තලම, මාරවිල, මීගමුව සහ කොළඹ යන ප්‍රධාන නගර පසු කරමින් නැවත බේරුවලට පැමිණ තිබේ.

එම පාගමන තුළින් ඔහුගේ අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකාව සාමකාමී මෙන්ම ඕනෑම පුද්ගලයකුට රට තුළ නිදහසේ ආරක්ෂිතව සංචාරය කිරීම හැකි බව ලෝකයට පෙන්වීමයි.

ඔහු මෙම චාරිකාව තුළදී තමා ගමන් කරන ස්ථාන පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීමට ද කටයුතු කර තිබිණි.

ඒ හේතුවෙන් ඔහුට දෙස් විදෙස් විශාල පිරිසකට මෙරට සංචාරක අකාර්ෂණීය ස්ථාන පිළිබඳ දැනගැනීමටත් එමඟින් මෙරට සංචාරක කර්මාන්තයට විශාල ප්‍රචාරණයක් ලබාදීමටත් කටයුතු කර තිබේ.

මෙම හමුවේදී ජනාධිපතිවරයා විසින් මෙම තරුණයාගේ කැපවීම හා දක්ෂතාවය අගය කර ඇති අතර, ඔහුට විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම වෙනුවෙන් නුදුරු අනාගතයේදී ඔහුගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

Post Views: 51
Previous Post

රංගෙ බණ්ඩාර එජාප මහලේකම්කමින් දොට්ටදායි ?

Next Post

රනිල් බලයේ තියන්න කුමන්ත්‍රණයක් ගැන විමල් කියයි !

Editor TTV News

Editor TTV News

Next Post
රනිල් බලයේ තියන්න  කුමන්ත්‍රණයක් ගැන විමල් කියයි !

රනිල් බලයේ තියන්න කුමන්ත්‍රණයක් ගැන විමල් කියයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved