• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහායට නවසීලන්ත විශේෂඥ කණ්ඩායමක් දිවයිනට

28 June 2023
in දේශීය

මෙරට රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා විශේෂඥ දැනුම ලබාදීමට ද නවසීලන්තය සූදානම් බව නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා පැවසු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ, නවසීලන්ත මහකොමසාරිස්වරයා අද (28) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවු අවස්ථාවේදිය.

එහිදී ශ්‍රී ලංකාව සමග කෙරෙන ද්විපාර්ශික ආර්ථික සහයෝගිතාව ඉහළ නංවන ලෙසත්, කොළඹ සැලැස්ම යටතේ ලබා දෙන සහය වැඩි කරන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී නවසීලන්තයෙන් ඉල්ලීමක් කළේය.

මහරගම ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය විද්‍යාලය නවසීලන්ත රජය ලබාදුන් ප්‍රදානයක් බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එම ආයතනයට ලබාදෙන පහසුකම් තවත් වැඩිකරන ලෙස ඉල්ලා සිටියේය. එය පිළිගත් මහකොමසාරිස්වරයා එම දන්ත වෛද්‍ය විද්‍යාලය යළි නිරීක්ෂණය කොට ඊට සහය ලබාදෙන බවට එකඟ විය.

මෙරට රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා විශේෂඥ දැනුම ලබාදීමට ද නවසීලන්තය සූදානම් බව මහකොමසාරිස්වරයා සඳහන් කළේය. ඊට සහාය වීම සඳහා නවසිලන්තයේ හිටපු රාජ්‍ය සේවා කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ලඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. යල්පැනගිය ඉඩම් ආඥා පනත සංශෝධනය කිරීමටද ශ්‍රී ලංකාව සැලසුම් කර ඇත.

එහිදී ආදිවාසීන්ගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටළු විසඳීම සඳහා නවසිලන්තයේ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය සහ යල් පැනගිය ඉඩම් ආඥාපනත සංශෝධනය කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව ගන්නා පියවර, ණය ප්‍රතිව්‍යුහගතකරණය, වෙළඳ හා ආයෝජන, මැතිවරණ ප්‍රතිසංස්කරණයට අදාළ කරුණු ද ඔවුහු සාකච්ඡා කළහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශක සුමුදු ජයසිංහ යන මහත්වරු ද එක්වූහ.

Post Views: 12
Previous Post

වසර 40 ඉක්මවනු සියළුම තට්ටු නිවාස වල නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් – ඇමැති ප්‍රසන්න

Next Post

හජ් උත්සවය අදයි

editor

editor

Next Post

හජ් උත්සවය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved