27 April 2024
#දේශීය

හජ් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් අද (29) හජ් උත්සවය සමරනු ලබයි.

හජ් යනුවෙන් හඳුන්වන්නේ මුස්ලිම් බැතිමතුන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මක්කම වන්දනාවයි.

එය මුස්ලිම් ධර්මයේ පස්වෙනි කුළුණ ලෙස සලකනු ලබන අතර සෑම ධනවත්, ශක්තිමත් මුස්ලිම් ජාතිකයෙකු විසින්ම තම ආයුකාලය තුලදි එක වරක්වත් එය ඉටු කිරීමට බැඳී සිටි.

ශුද්ධ වූ මක්කම නගරයේ ඉපදුණු නබි ඉබ්‍රාහිම් හා ඔහුගේ පුත්‍රයා වන නබි ඉස්මායිල් යන දෙදෙනා සම්බන්ධයෙන් ඓතිහාසික ව වැදගත් වූ හා ආගමික විශ්වාසයන් මත ගොඩ නැගුණු සිදුවීමක් අරමුණු කොටගෙන මුස්ලිම් භක්තිකයන් විසින් හජ්ජි උත්සවය සමරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *