• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය ඇමති අශෝක් ඉඩම් සොයයි

14 March 2019
in දේශීය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතන වලින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රධාන ආයතනයක් වන නමුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ආයතනය තවමත් මහජනතාවට සේවා සපයන්නේ කුලී පදනම මත ගොඩනැගිල්ලකය.

එහිදී ජනතාවට අතිශය වැදගත් වන මෙවැනි රාජ්‍ය ආයතන අඩු පහසුකම් යටතේ පැවතීම මෙන්ම ආයතන තුල දැඩි තදබදයක් ඇති වීම හේතුවෙන් දවසින් සේවා සපයා ගැනීම වෙනුවෙන් නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට යෑමට බොහෝ පිරිසක් යොමු වී ඇත.

මේ හේතුවෙන් සේවා ලබාගන්නා පුද්ගලයන්ට කාලය මෙන්ම මුදල්ද නිකරුනේ වියදම් කිරීමට සිදු වීම කණගාටුවට කරුණකි. මෙම ගැටලුව පිළිබඳව නිරන්තර අධ්‍යනයක යෙදුණු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා විසදුම් සෙව්වේය. හොඳම විසදුම වූයේ සියලුම පහසුකම් වලින් සමන්විත වූ අංග සම්පූර්ණ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයක් කුරුණෑගල නගරය අවටින්ම ඉදිකිරීමයි.

RMV යට තවත් සමීපතම ආයතනයක් වන්නේ ප්‍රවාහන වෛද්‍ය ආයතනයයි. මෙම ආයතන දෙකම එකම ස්ථානයක පැවතීම සේවා ලබාගන්නා ජනතාවට තවත් පහසුවකි. මෙම කරුණු අධ්‍යනය කිරීමෙන් පසු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා එයට අදාල නිලධාරීන් කැඳවා සියලු කටයුතු කඩිනමින් සිදු කර සියලුම සේවාවන් එක් දිනකින් ලබාගත හැකි අයුරින් එම කාර්යාලය ඉදිකිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

පසුගිය දිනෙක එම කාර්යාල සංකීර්ණය ඉදිකිරීමට යෝජිත ඉඩම් නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මල්කඩුවාව, හාල්පාර, මඟුරුඔය වත්තේ එම භූමියට පැමිණියේය. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් හා මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුණගැසුනු අමාත්‍යවරයා ඉඩම් නිරීක්ෂණයෙන් අනතරුව පවසා සිටියේ කාර්යල සංකීර්ණය ඉදිකිරීමේ සැලැස්ම කඩිනමින් සකස් කර ලබන අප්‍රේල් මස මුල්ගල් තැබීමට කටයුතු කරන ලෙසයි.

Post Views: 17
Previous Post

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී. තාක්ෂණය ව්‍යාප්ත කිරීමට කොරියානු රජයේ සහයෝගය

Next Post

මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම මාර්තු 17 වනදා

editor

editor

Next Post

මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම මාර්තු 17 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved