• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකාවට මත් යුද්ධයක් එපා …. ! -ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය

10 October 2018
in දේශීය

මත් රකුසා පරාජය කිරීමට යුධ වදිනවා වෙනුවට මත්ද්‍රව්‍ය නියාමනයට උපක්‍රමික පියවර ගතයුතු බව ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය පවසයි. එම පක්ෂය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලොව පුරා මත් යුද්ධය අවසන් කිරීම ගැන සංවාද ඇතිවෙන යුගයක ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එම සංවාදයෙහි කොටස්කරුවන් වීම අරුමයක් නොවන බවයි.

ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය විසින් මාධ්‍ය වෙත යොමු කළ සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මත්ද්‍රව්‍ය පාලනය සියතට ගන්නා බවට නුදුරු දිනවල මාධ්‍ය වාර්තා පල වී ඇති බවත් මත්ද්‍රව්‍ය ජාතික ගැටලුවක් නොව අන්තර්ජාතික ගැටලුවක් බව යුධ හමුදාව නොදන්නවා විය නොහැක. ලොව පුරා මත් යුද්ධය අවසන් කිරීම ගැන සංවාද ඇතිවෙන යුගයක ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එම සංවාදයෙහි කොටස්කරුවන් වීම අරුමයක් නොවන්නේ ය. ලෝක වෙළඳ යුද්ධය සමග ගැටගැසී ඇති මත් යුද්ධයක ආසන්නයේ සිට ලොව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ සහ භාවිතයේ දිග පළල වටහා ගැනීම වැදගත් ය.

මෙම වසරේ එක්සත් ජාතීනගේ මත්ද්‍රව්‍ය වාර්තාවට අනුව වයස අවුරුදු 15-64 අතර ලෝක ජනගහනයෙන් සියයට 5.6 ක් හෙවත් මිලියන 275 ක් මත්ද්‍රව්‍ය භාවිතා කරති. ඊට වැඩි මිස අඩු නැත. එයින් මිලියන 192 ක් කංසා භාවිතා කරන අතර හෙරොයින් මිලියන 34 ක්, ඇම්පෙටමින් හා විවිධ බෙහෙත් වර්ග මිලියන 34 ක්, එක්ස්ටසි මිලියන 21 ක්, අබිං මිලියන 19 ක් සහ කොකේන් මිලියන 18 ක් භාවිතා කරති. ඊට අමතරව පසුගිය වසරවල ලෝක තරුණ ජනගහනයෙන් මිලියන 13.8 ක් කංසා භාවිතා කරන බවත් එම වාර්තාවෙහි දැක්වෙයි.

පසුගිය වසරවල ලොව පුරාම අල්ලාගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය අතර කංසා ටොන් 6,313 ක් වන අතර කොකේන් ටොන් 1,129 ක්, අබිං ටොන් 658 ක්, මෙත් ටොන් 158 ක්, හෙරොයින් ටොන් 156 ක්, එක්සටසි ටොන් 14 ක් සහ වෙනත් කෘත්‍රිම මත් පෙති වර්ග ටොන් 22 ක් ඇත. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ලොව පුරා සිටින සිරකරුවන්ගෙන් 714,000 ක් කාන්තාවන් වන අතර එයින් සියයට 35 ක් මත්ද්‍රව්‍ය වරදකට සිරගතවූවන්‍ ය. එමෙන්ම මිලියන 9.6 ක් වන පිරිමි සිරකරුවන්ගෙන් සියයට 19 ක් මත්ද්‍රව්‍ය වරදකට සිරගතවූවන්‍ ය.

මෙම වාර්තාවෙහි දැනට නීතිගතව පවතින මධ්‍යසාර හා දුම්කොළ නිෂ්පාදනය සහ භාවිතය ගැන වැඩිදුර තොරතුරු ඇතුළත් නොවුනත් ලොව ජනගහනයෙන් වැඩිම පිරිසක් භාවිතා කරන කංසා නිසා කෙටි කාලීන මතකය අඩුවීම, බුද්ධිය හීන වීම, පාසල් හැරයාම හා සමාජයෙන් දුරස් වීම වැනි මානසික හා සමාජීය ගැටලු ඇතිවන බව අවධාරණය කර ඇත. ලොවපුරා වසරකට මත්ද්‍රව්‍ය භාවිතය නිසා ආසන්න වශයෙන් 450,000 ක් මියයන බවත් අපරික්ෂාරී ලෙස හෙරොයින් භාවිතා කිරීම නිසා වැළදෙන ඒඩ්ස් ආසාදනයන්ද ඊට ඇතුළත් බවත් එම වාර්තාවෙහි දැක්වෙයි. නමුත් අධික ලෙස කංසා භාවිතය නිසා මියගිය පුද්ගලයන් ගැන මෙතෙක් වාර්තා වී නොමැත.

නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ මෙම දත්ත වාර්තාවට අනුව වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේත් භාවිතා කරන්නේත් ආසියාවයි. දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් යුරෝපයට සහ ඇමෙරිකාවට හිමිවෙයි. මෙම දත්ත විමසා බලනවිට පෙනීයන්නේ මත් යුද්ධය ලංකාවේ ජනවාර්ගික යුද්ධය අවසන් කළ තරම් පහසුවෙන් අවසන් කළ නොහැකි බවයි. ඊට හේතුව ලෝක ජනගහනයෙන් විශාල පිරිසක් කවර හෝ අරමුණකට මත්ද්‍රව්‍ය භාවිතා කිරීමය. එමනිසා මත් රකුසා පරාජය කිරීමට යුධ වදිනවා වෙනුවට මත්ද්‍රව්‍ය නියාමනයට උපක්‍රමික පියවර ගතයුතු බව සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ අදහසයි.

Post Views: 7
Previous Post

රුපියල කඩා වැටීම කියන්නේ ආර්ථියක කඩා වැටෙනවා නෙවෙයි – ඇමැති මංගල කියයි

Next Post

රිජෙක්ට් වෙච්ච අයත් එක්ක ආණ්ඩු කරන්නේ නෑ – සභානායක කියයි

editor

editor

Next Post

රිජෙක්ට් වෙච්ච අයත් එක්ක ආණ්ඩු කරන්නේ නෑ - සභානායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved