• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංවිමේ ගෞවරය තවදුරටත් ආරක්ෂා කර ගත යුතුයි – ඇමැති රවි

5 September 2019
in දේශීය

වසර 50 ක් තිස්සේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් විශේෂ ගරුත්වය හිමිකරගෙන තිබෙන අතර එය වර්ධනය කිරීම කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් අංශ 04 මූලාස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ” ලංකා විදුලිබල මණ්ඩලයේ සැලසුම් වල සදහන් වෙලා තිබෙනවා 2018, 2019 දී එල්.එන්.ජී. තාක්ෂණය යොදාගත යුතුයි කියලා විදුලිය උත්පාදනය කිරීම වෙනුවෙන්. මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියත් ලැබිලා තිබෙනවා. ඇයි එහෙනම් අපට තවමත් මේ කාර්යය කරගන්න බැරි වුණේ. යම් බාධාවන් ඇති වෙනවා. නමුත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. එහෙමනම් ඇයි අපි මේක නොකරන්නේ. ඇයි ප්‍රමාද කරන්නේ. යම් අය බලාගෙන ඉන්නවා මොනවද වෙන්නේ. මොකක්ද කරන්න පුලුවන් කියලා. නමුත් බහුතරයක් බලන් ඉන්නේ මොනවද කළේ කියලා. වැඩ කරන අයට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. නමුත් අපි නිර්භයව ඉදිරියට යා යුතුයි. යම් පිරිස් අපට දොස් පවරනවා, තෙල් මාෆිවක් ගැන. අපි මේ ගැටළු පිළිබදව දීර්ඝ වශයෙන් සිතිය යුතුයි. පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම තමයි මේකට තිබෙන සුදුසුම පියවර. හැකි සෑම අවස්ථාවකම අපි පුනර්ජනනීය බලශක්තිය එක් කළ යුතුයි. ලබන සතියේ අපි කැබිනට් පත්‍රයක් අනුමැතිය සදහා නිකුත් කරනවා. නව ගෘහස්ත මෙන්ම ව්‍යාපාරික ගොඩනැගිලි සම්බන්ධයෙන්. ගෘහයක් නම් වර්ග අඩි 7500ට වැඩිනම් 20% ක් හෝ 25% ක්, ඒ වගේම ව්‍යාපාරික ස්ථානයක් නම් වර්ග අඩි 1000ට වැඩිනම් අනිවාර්යයෙන් සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සදහා යොමු කළ යුතුයි. ලං.වි.ම. අලාභය නැති කිරීමටනම්, අනිවාර්යයෙන් මෙය කළ යුතුයි. අද බිලියන 22ක පමණ විදුලි ඉල්ලුමක් තිබෙනවා. නමුත් මේ ඉල්ලුමට සරිලන සැපයුමක් ඇති කිරීමට අපට නොහැකි වෙලා තිබෙනවා. මේක රටේ සංවර්ධනයට බාධාවක්. කව්ද මේවාට වගකියන්නේ. අපට හැකිනම්, අවම මිලකට විදුලි ඒකකයක් නිපදවන්නට, ඒක තමයි අපි ලබන උපරිම ලාභය. මේ වෙනස තමයි අප ඇතිකළ යුත්තේ. දළ වශයෙන් රු. 23.00 තිබෙන විදුලි ඒකකයක්, රු. 16.00ට රු.17.00ට ගේන්න පුලුවන්නම්, වසරකට බිලියන 100ක් පමණ ඉතිරි කළ හැකියි. මේක තමයි අපි කල යුතුම කාර්යය වන්නේ” යැයි අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

Post Views: 13
Previous Post

දුගි බව තුරන් කරන්න සියළු දෙනා එක්විය යුතුයි – ජනපති

Next Post

වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර දුන්නේ නෑ – මුදල් අමාත්‍යාංශය

editor

editor

Next Post

වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර දුන්නේ නෑ - මුදල් අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved