• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන්

16 April 2019
in සංවර්ධන

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නිම කරන බවත් මෙගාවොට් 120 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය නිරිකෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත උත්පාදන ධාරිතාව මෙගාවොට් 120 කි. ව්‍යාපෘතිය පුහුල්පොල හා ඩයබරා අසල කුඩා ජලාශ දෙකකින් සමන්විත වන අතර, එම ජලාශ දෙක උමගකින් සම්බන්ධ වේ. රන්දෙණියෙහි පිහිටි භූගත විදුලි බලාගාරය හරහා (transbasin) උමගක් ඔස්සේ, ජලය උමා ඔයේ සිට කිරිඳි ඔය දක්වා යොමු කරයි. කිලෝ මීටර 27 ක් දිග ද.වෝ. 132 (kV) සම්ප්‍රේෂණ රැහැන් මාර්ග පද්ධතියක් මගින් මෙම බලාගාරය බදුල්ල ග්‍රිඩ් උපපොළ හා සම්බන්ධ කෙරේ.

ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමර්කානු ඩොලර් මිලියන 5 29ක් හා රුපියල් බිලියන 06 කි. ඉරාන රජය, ඉරාන අපනයන සංවර්ධන බැංකුව (Export Development Bank of Iran) මගින් ඇමරිකානු ඩොලර් මිලියන 450 ක්, ණය මුදලක් ලෙස සපයයි.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය සහ ඉරාන රජය මගින් නම් කරන ලද කොන්ත්‍රාත්කරු වන, ෆෙරාබ් බලශක්ති හා ජල ව්‍යාපෘති සමාගම (Farab Energy and Water Project Company) අතර කොන්ත්‍රාත්තුව 2008 අප්‍රේල් මස 28 දින අත්සන් තබන ලද අතර, 2010 මාර්තු මාසයේ සිට කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරනු ලැබීය. 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කළ නමුත්, යම් යම් හේතූන් මත ප්‍රමාදවූ උමා ඔය ජලවිදුලි ව්‍යාපෘතිය, වර්තමාන විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ලබන වසරේ අප්‍රේල් – අගෝස්තු යන කාලසීමාව තුලදි නිම කෙරෙනු ඇත.

 

Post Views: 16
Previous Post

ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ජුනි මස 01 දා සිට ක්‍රියාත්මකයි

Next Post

මහජන යහපත සඳහා භේදයකින් තොරව සහාය දෙනවා- අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමි

editor

editor

Next Post

මහජන යහපත සඳහා භේදයකින් තොරව සහාය දෙනවා- අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved