• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලියාපදිංචිය තහවුරු නොකළ පානීය ජල බෝතල් සැකසුම් සමාගම්වලට වැඩ වරදින ලකුණු

24 January 2019
in සංවර්ධන

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ජල සම්පත් මණ්ඩලයෙහි මූලික අරමුණක් වන භූගත ජල කළමනාකරණය නිසි පරිදි මේ වන තෙක් ඉටු වී ඇති දැයි සිතා බලන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජල සම්පත් මණ්ඩලයෙහි පැවති මාණ්ඩලික නිලධාරී හමුවේදිය.

ජන ජීවිතයේ මූලික අවශ්‍යතාවලින් එකක් වන පානීය ජලය සුරැකීමේ වගකීම ජල සම්පත් මණ්ඩලය වෙත 2017 මාර්තු 16 2010/23 දරන ගැසට් පත්‍රය මඟින් පැවරී තිබුණ ද, මේ වන විට භූගත ජල කලමනාකරණයෙහි අදාල රෙගුලාසි සමත්ව ඇති සහ තත්ත්ව සහතිකය ලැබූ පානීය ජල සමාගම් 164ක් ලියාපදිංචිය තහවුරු කර ඇතත් රටේ දහස් ගණනක් සමාගම් පමණ ඉක්මවා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකොට පානීය ජල බෝතල් කර්මාන්තයේ යෙදී සිටීම කණගාටුවට කරුණක් බව අමාත්‍යවරයා පැවසිය.

ඇතැම් ජල බෝතල් සමාගම් අදාල පරිසර වාර්තා ද සමත්ව නොමැති බවත්, භූගත ජල ධාරිතාව ලීටර් ලක්ෂය ඉක්මවන සමාගම් වෙත පනත බලවත් කරමින් රජය මඟින් ගාස්තු අය කළ යුතුව ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. මේ අතර මෙරට ජල උල්පත් ආරක්ෂා කිරීම පිණිස අනවශ්‍ය ආකාරයෙන් පමණ ඉක්මවා ඇතැම් නල ළිං ඉදිකරන්නන්ට ඒ සඳහා වැට බැදිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. මේ වන විට නල ළිං ඉදිකිරීමේ පෞද්ගලික ආයතන 196ක් පමණ ගැඹුරු නල ළිං කැණිමේ කටයුතුවල නිරත වී ඇති බවත්, ඉන් ආයතන 13ක් පමණක් යෝග්‍යතා මට්ටම සපුරා ඇති බැවින් අනෙකුත් සමාගම් වහාම යෝග්‍යතා සහතික ලබා ගැනීමට කටයුතු නොකරන්නේ නම් නීත්‍යානුකූලව ඒ සමාගම් සඳහා පියවර ගැනීමට කාලය එළඹ ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

නියමිත පරිදි භූගත ජල කළමනාකරණය ක්‍රමවත්ව සිදු කොට අප රටෙහි භූගත පානීය ජලය ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන ජල සම්පත් මණ්ඩලය තවදුරටත් බලවත් කොට පානීය ජල උල්පත් සුරැකීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා, වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සංවර්ධන ඩී.ඩී ආරියරත්න මහතා , අමාත්‍යවරයාගේ උපදේශක ශිරානි වීරකෝන් මහත්මිය ඇතුළු ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීන් සහභාගී විය.

Post Views: 16
Previous Post

ජනපති සහ සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

Next Post

ජනතාව නව නිදහස් අරගලයකට කැඳවිය යුතුයි – පුබුදු ජයගොඩ (විඩියෝ)

editor

editor

Next Post

ජනතාව නව නිදහස් අරගලයකට කැඳවිය යුතුයි - පුබුදු ජයගොඩ (විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved