• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලී මෝල් ගැන ගැසට් පත්‍රය සංශෝධනයට

8 June 2019
in දේශීය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2014.12.03 1896/26 දැව මඩු ලියාපදිංචිය සහ දේපල සලකුණු අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසයි.

 මෙම ගැසට් පත්‍රය මගින් සාම්‍ප්‍රදායික වඩු මඩු තහනමට ලක් නොවන අතර 2022 වර්ෂයේ දෙසැම්බර් 31වන දිනෙන් පසුව ජංගම ලී මෝල් පවත්වාගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නියමිතව ඇතැයි වාර්තාවනවා.

ගැසට් පත්‍රය නිකුත්වීම සමග ජංගම ලී මෝල් සදහා බලපත්‍ර ලබා නොදෙන අතර පිට රටින් ආනයන කර ලී මෝල් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන අය හට තහනමක් නොමැති බවත් සියලුම ජංගම ලී මෝල් බලපත්‍ර ද 2022 දෙසැම්බර් මස 31 සිට අවලංගු වනු ඇති බවත් ජංගම ලි මෝල් 300ක් පමණ දිවයින පුරා දැනට හදුනාගෙන ඇති අතර ඒවා පමණක් තහනමට ලක් වනු ඇති බවත් එම ප්‍රකාශකයා පැවසී ය.

මෙම ලී මෝල් මගින් දැවැන්ත වන විනාශයක් වෙන බව පරිසරවේදීන් මෙන්ම නිලධාරින්ද පෙන්වා දී ඇති අතර අදාළ බලපත්‍රයට මුවාවී වනාන්තරවල ගස් කැපීමට යොදාගන්නා බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

නිත්‍යානුකූල ක්‍රමවේදය යටතේ ලී ලබා ගන්නේ නම් ඕනෑම අයෙකුට සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ යෙදිමට බාධාවක් මෙම නිකුත් විමට නියමිත ගැසට් පත්‍රය අනූව ඇති නොවන බවත් මේ අතර ඉදිරියේදී දැනට නීත්‍යානුකූලව පවත්වාගෙන යනු ලබන දැව මඩුවල ඇති තොග පිළිබදව නිශ්චිත සටහන් සහ ලියකිවිලි සහිතව සෑම මසකම අවසානයේ ලියාපදිංචි තැපෑලෙන් ප්‍රදේශයේ අඩවි වන නිලදරියට යැවිය යුතු බව එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.

එයද මසකට ලී ගණ අඩි 200 කට වැඩිය බල පැවැත්වෙන බවත් නියත වශයෙන් වඩු මඩු හෝ වඩු කර්මාන්තය තහනමක් නොමැති බවත් ප්‍රදේශයේ වන රක්ෂණ භාර නිළධාරිවරයා විසින් තොග පරීක්ෂා කිරිමේ දී ලිපි සමග භෞතික තොග සමාන විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර යම් හෙයකින් නැවත විකුණා ඇත්නම් නිවැරිදි විගණනයක් සහිතව ඒවා ඉදිරිපත් කළ යුතු බවත් දැනට දිවයින පුරා සිදු වන සාම්‍ප්‍රදායක ලී මෝල් සදහා මෙමගින් කිසිදු තහනමක් නොපැනවෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් වඩු මඩු හා ඒ කර්මාන්තයේ නිරත පුද්ගලයින්ට දේශීය වන වගාවන් හරහා සහ දැව සංස්ථාව මගින් දේශිය දැව ලබා ගැනීමේ හැකියාව තිබෙන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසී ය.

Post Views: 18
Previous Post

අගමැති මෝදි නිල සංචාරය සඳහා හෙට ශ්‍රී ලංකාවට

Next Post

ජනාධිපතිගේ බලතල අභියෝගයට ලක් කරන්නේ නෑ – කථානායක

editor

editor

Next Post

ජනාධිපතිගේ බලතල අභියෝගයට ලක් කරන්නේ නෑ - කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved