• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්

14 June 2023
in දේශීය

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් පැවැති මෙරට ජාතික වැඩසටහන නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ දී අද (14) පැවැතිවිණි.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායානාගාර සේවා) වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම වැඩසටහනේ දී ස්වේඡ්ඡා රුධිර පරිත්‍යාගශීලීන්, රුධිර කදවුරු සංවිධායකවරුන් විශේෂ ඇගයීමකට ලක් කිරීමට කටයුතු කෙරිණි.

ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා පිහිටි පර්ශද රුධිර මධ්‍යස්ථාන 24 ක දී රුධිර පරිත්‍යාගශීලීන් 3,000 ක් ඇගයීමට ලක් කිරිමට ද කටයුතු යොදා ඇත.

මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමැරීම සදහා ප්‍රකාශිත තේමාව වන්නේ “නිරතුරු රුධිර පරිත්‍යාගයෙන් ජිවිත සුරකිමු” යන්නයි.

මිනිස් රුධිරයේ ABO ලෙස රුධිර කාණ්ඩ ඇති බව සොයා ගැනීම සදහා නොබෙල් ත්‍යාගය හිමි වූ ඔස්ට්‍රියානු විද්‍යාඥ කාල් ලෑන්ඩ්ස්ටයිනර් මහතාගේ උපන් දිනය වන ජුනි 14 දින ලොව පුරා ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස සමරනු ලබයි.

රුධිර පරිත්‍යාගශීලීන් සදහා කෘතවේදීත්වය දැක්වීම, ඔවුන් සැමරීම තුළින් සමාජය රුධිර දානය සදහා උනන්දු කරවීම, නිතිපතා රුධිර පරිත්‍යාග කිරීමට නිරෝගී පරිත්‍යාගශීලීන් දිරිමත් කිරීම, රුධිර පරිත්‍යාගශීලීන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම, ස්වේඡ්ඡා රුධීර පරිත්‍යාගශීලින්ගේ දායකත්වය සෞඛ්‍ය කත්ෂේත්‍රයට ලබාගැනීම සදහා රාජ්‍ය මැදිහත්වීම වැඩිකිරීම, රුධිර සහ රුධිර සංඝටක වල සුරක්ෂිත බව, ගුණාත්මක බව හා අවශ්‍යතාවය පිළිබද ජනතාව දැනුවත් කිරිම අද දින පැවැති මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

වසරකට රුධිර එ්කක ලක්ෂ 04 කට ආසන්න සංඛ්‍යාවක් මෙරට ජාතික රුධිර සංචිතයට එකතු වන අතර, එම රුධිර ඒකක මනා කළමණාකරණයකට ලක්කරමින් රෝගීන්ගේ රුධිර අවශ්‍යතා සදහා යොදා ගැනීමට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය කටයුතු කරනු ලබයි.

රුධිරය සහ රුධිර කොටස් පාරවිලයනය මගින් සෑම වසරකම රෝගී ජිවිත මිලියන ගණනක් බේරාගැනීමට හැකි වේ. රුධිරය පාරවිලයනය මගින් රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග සහ ඇතැම් පිළිකාවලින් පෙළෙන රෝගීන්ගේ ආයු අපෙක්ෂාව දිගු කරයි. ඇටමිදුළුව ආශ්‍රිත ආබාධ හේතුවෙන් දරුණු රක්ත හීනතාවයෙන් පෙළෙන දරුවන් හා හිමෝග්ලොබින් අඩුවීමේ රෝගාබාධවලින් පෙළෙන රෝගීන් සදහා නිරතුරුව රුධිර පාරවිලයනය අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම හදිසි අනතුරු නිසා අධික රුධිර වහනය හේතුවෙන් ජිවිත අවධානමක් ඇතිවන අතර, මෙවැනි ජිවිත බේරා ගැනීම සදහා රුධිර පාරවිලයනය මගින් ලැබෙන්නේ විශාල පිටුවහලකි. දිනපතා සිදු කරන ශල්‍යකර්ම බොහොමක් සදහා රුධීරය අත්‍යාවශ්‍ය වේ. ගර්භනීකාලයේ දී සහ දරු ප්‍රසූතියේ දී සිදුවන රුධිර වහනයන් වල දී මවගේ සහ දරුවාගේ ජිවිත බේරා ගැනීමට හැකි වන්නේ මෙයිනි. අළුත උපන් දරුවන්ට ‌මෙන්ම ඇතැම් විට මවගේ කුසේ වැඩෙන දරුවන්ට පවා රුධිර පාරවිලයනය සිදු කළ යුතු වේ.

මෙම අවස්ථාවට ජාතික රුධිරපාරවිලයන සේවාවේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන යන මහත්ම මහත්මීන් සහ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, රුධිර පරිත්‍යාගශීලින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

 

Post Views: 19
Previous Post

අනුරාධපුර බඩඉරඟු ගොවීන් දස දහසකට රුපියල් බිලියනයක ආධාරයක්

Next Post

වාහන ආනයනය ආරම්භ කිරීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යනය කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

editor

editor

Next Post

වාහන ආනයනය ආරම්භ කිරීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යනය කළ යුතුයි - රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved