• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට වාහක රෝග පිළිබද සමාලෝචනයක්

17 May 2024
in දේශීය, පුවත්
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට වාහක රෝග පිළිබද සමාලෝචනයක්

ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා (Dengue, Malaria, Filariasis, & Leishmaniasis) රෝග පිළිබඳ ඒකාබද්ධ බාහිර සමාලෝචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් මෙරට දී සිදු කෙරිණ.

ඒ අනුව දින 03 ක් පුරා ක්ෂේත්‍ර නිරික්ෂණය කිරීමෙන් අනතුරුව ලබාගත් දත්ත හා තොරතුරු පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ඇතුලු නියෝජිත පිරිස අද (17) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා දැනුවත් කිරිමට කටයුතු කරන ලදි.

මෙහිදී ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග මර්දනය සහ පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ක්‍රියාත්මක ප්‍රතිකාර සේවාවන් ඉතා විශිෂ්ට මනා කළමණාකරණයකින් සහ සාධනීය මට්ටමක පවතින බව එම නියෝජිත පිරිස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත පෙන්වා දුන්නේය.

මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිස වෙත පෙන්වා දෙන ලද්දේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි. ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග පාලනය, මර්දනය සහ ප්‍රතිකාර සේවා අංශයන් ද ශක්තිමත් කිරිමට ද පියවරගෙන ඇති බව පෙන්වා දෙන ලදි.

මෙවැනි සමාලෝචන තුලින් රෝග වැළැක්වීම, පාලනය, පවතින උපාය මාර්ග සහ අඩුපාඩු පිළිබද දැනුවත්වීම මෙන්ම අභියෝගවලට මුහුණ දීම ඉහළ නැංවීමට හැකියාව ද ලැබෙන බව පෙන්වා දෙන ලදි.

Post Views: 14,940
Previous Post

හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි

Next Post

’45 Under 45’ තරුණ විධායක නිලධාරීන්ට සහ ව්‍යවසායකයින්ට විශිෂ්ටතා සම්මාන පිරිනැමේ

editor ttvnews

editor ttvnews

Next Post
’45 Under 45’ තරුණ විධායක නිලධාරීන්ට සහ ව්‍යවසායකයින්ට විශිෂ්ටතා සම්මාන පිරිනැමේ

’45 Under 45’ තරුණ විධායක නිලධාරීන්ට සහ ව්‍යවසායකයින්ට විශිෂ්ටතා සම්මාන පිරිනැමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved