• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වඩාත් වැදගත් වන්නේ විදේශ භාණ්ඩ සමඟ තරඟ කළ හැකි නිෂ්පාදන සිදුකිරීමයි. – කර්මාන්ත අමාත්‍ය

10 March 2025
in දේශීය, පුවත්
වඩාත් වැදගත් වන්නේ විදේශ භාණ්ඩ සමඟ තරඟ කළ හැකි නිෂ්පාදන සිදුකිරීමයි. – කර්මාන්ත අමාත්‍ය

පිටරටින් ලංකාවට ගෙන එන භාණ්ඩ සඳහා බාධක පැමිණවීම නොව එම භාණ්ඩ සමඟ තරග කළ හැකි දේශීය නිෂ්පාදන වෙළඳපලට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම වඩාත් වැදගත් වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (9 දා) ගාල්ල ගෝල් ඩි හෝල් ශාලාවේදී පැවැත් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් සඳහා පැවැති “ FACE TO FACE – MEET THE MINISTER ” වැඩසටහනට සහභාගි වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම හැකියාව කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි බවත් ලෝකයේ ඉදිරියෙන්ම සිටින සන්නාම රැසක් ශ්‍රී ලාංකිකයින්ගේ දෑතින් නිපදවන බවය.

මෙම දේශීය ව්‍යවසායකයින් ජාත්‍යන්තරය දක්වා ගෙන යාමට අවශ්‍ය යාන්ත්‍රණය මේ වන විට කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ අනුව මෙම වසරේ අපනයන ආදායම ඇමර්කානු ඩොලර් බිලියන තුනකින් වැඩි කර ගැනීම රජයේ ඉලක්කය බව පැවසීය.

කොළඹින් බැහැරව ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙත ගොස් ඔවුන් මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලබාදී නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම “ FACE TO FACE – MEET THE MINISTER ” වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, රටක් ලෙස කර්මාන්ත ඉදිරියට යාමට බාධාවන ප්‍රධාන ගැටලු හතරක් මේ වන විට හඳුනාගෙන ඇති අතර එම ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන බව පැවසීය.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් විශාල පිරිසක් මෙම වැඩසටහන සඳහා පැමිණ සිටි අතර ඔවුන් විසින් තම කර්මාන්ත පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටලු රැසක් හා ඔවුන්ගේ නව අදහස්ද අමාත්‍යවරුන් හා නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලදී.

 

Post Views: 36
Previous Post

චමල් ප්‍රාදේශීය සභාවට!

Next Post

තැපැල් වෘත්තිය සමිති දෙදින වර්ජනයකට සූදානමක

Editor TTV News

Editor TTV News

Next Post
මාර්තු 5 රට පුරා වර්ජනයක් ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

තැපැල් වෘත්තිය සමිති දෙදින වර්ජනයකට සූදානමක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved