• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර දුන්නේ නෑ – මුදල් අමාත්‍යාංශය

5 September 2019
in දේශීය

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් වලට 2015 න් පසුව මත්පැන් බලපත්‍ර නිකුත් කළද, වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර නිකුත් කර නොමැති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සියළුම වර්ගයේ බලපත්‍රලාභී සුරාසැල් 4910 ක් තිබෙන අතර, ඉන් සිල්ලර අලෙවිසැල් 1100 ක් හා හෝටල් මත්පැන් බලපත්‍ර 1567 ක්ද , ආපනශාලා බලපත්‍ර 554 ක් ද වේ. තවද, වයින් සහ බීර අලෙවිහල් 368 ක් හා රා තැබෑරුම් 200 සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර නිකුත් කර තිබෙන බවයි.

මෙයට අමතරව විදේශ මත්පැන් අලෙවිකරන ස්ථාන 1080 ක් සඳහා බලපත් නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යංශය එම නිවේදනයේ සඳහන් කර තිබේ. සුරාසැල් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයෙකුට ඒ සඳහා දෙපාර්තමේන්තුව විසින් පනවා ඇති කොන්දේසි හා නීති රීති අනුව අවසරපතක් ලබාගත හැකිවේ.

එවන් පුද්ගලයකු ආසන්නතම වසර 5 ක් ඇතුළත කිසිදු අපරාධයකට වරදකරු නොවී සිටිය යුතු අතර බදු ගෙවන්නෙකුද විය යුතුය. තවද, සුරාසැල්වල වර්ගය අනුව පූජනීය ස්ථාන සහ පාසල් වලින් බැහැර නියමිත දුර ප්‍රමාණයෙන් එම සුරාසැල් පිහිටුවිය යුතුය.

සුරාසැල් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අයදුම්පතේ සඳහන් කරුණ තහවුරු කරගැනීම සඳහා සුරාසැල් බලපත්‍රයක් ඉල්ලා සිටින බල ප්‍රදේශය අයත් පොලීසිය සහ ප්‍රාදේශීය ලේකම්ගෙන් වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව එකී සියලු කොන්දේසි ඉටුකරන්නේ නම් සුරාසැල් බලපත්‍රය ලබාගැනීමේ හැකියාව ඇත.

සුරාබදු පනත සහ සුරාබදු නිවේදනවල ප්‍රතිපාදන සැලකිල්ලට ගෙන අදාළ කොන්දේසි සහ අවශ්‍යතා ඉටුකරන ඕනෑම පුද්ගලයකුට සුරාබදු බලපත්‍රයක් නිකුත් කිරීමේ බලය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ විෂයභාර අමාත්‍යවරයා සතුව ඇත.

මත්පැන් බලපත්‍ර නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ලේඛණය මහජනතාවට බලාගත හැකිවන පරිදි සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළකර තිබේ.

 

 

 

 

Post Views: 13
Previous Post

ලංවිමේ ගෞවරය තවදුරටත් ආරක්ෂා කර ගත යුතුයි – ඇමැති රවි

Next Post

වසර 300 කට පසු උමං මාර්ගයෙන් ජලය පිටතට ගෙන යන වැඩපිළිවෙලක්

editor

editor

Next Post

වසර 300 කට පසු උමං මාර්ගයෙන් ජලය පිටතට ගෙන යන වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved