• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වරායට එන නෞකා ප්‍රමාද සහ පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි

27 March 2020
in සංවර්ධන

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව සියලු නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර ඇතැයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.

සියලු වරාය මෙහෙයුම් ආශ්‍රිත සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තවත් සහන රැසක් ලබාදීමට ද ජනාධිපතිවරයා නියම කර ඇත.

ආනයන, අපනයන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය සහන අදාළ ව්‍යාපාරික ප්‍රජාවට වරාය පරිශ්‍රයේදීම ලබාදීමට මේ යටතේ පියවර ගැනේ. ශ්‍රී ලංකා රේගුව, කොළඹ වරාය තුළ ක්‍රියාත්මක වරාය අධිකාරියේ පර්යන්තයන් වන (JCT/UCT), CICT සහ SAGT පුද්ගලික සමාගම් යටතේ පාලනය වන පර්යන්තයන් මේ සඳහා එක්ව ක්‍රියා කරයි. සියලුම අංශ ආවරණය වන පරිදි පහසුකම් සලසාදීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා කියා සිටී.

ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේදී වරාය පරිශ්‍රයේ භාණ්ඩ මෙහෙයවීමේ දී ආනයනික බහලුම් හා නැව් භාණ්ඩ සහ ආනයනික හිස් බහලුම් සඳහා අය කරන අංගන හා ගුදම් කුලී ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර ඇත
වරාය ආශ්‍රිත ප්‍රවාහන සඳහා යොදාගන්නා ට්‍රක්, ලොරි, ටිපර්, බවුසර් රථ සහ නියෝජිත ආයතනවල පොදු / පෞද්ගලික රථ (වෑන්, කාර්, යතුරු පැදි) සඳහා වරාය පරිහණයේ දී එම නියෝජිත ආයතන හා සමාගම් දැනට ලබාගෙන ඇති වරාය දොරටු ප්‍රවේශ අවසර පත්ද/ පුද්ගල ප්‍රවේශ අවසර පත් ද ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව සඳහා වලංගු වේ.

වරාය ආශ්‍රිත රාජකාරී කටයුතුවල නිරත පුද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවක පිරිස් සඳහා ඇඳිරි නීති කාලසීමාවේ ගමන් කිරීමේ අවසර පත්‍ර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිර්දේශ මත ශ්‍රී ලංකා පොලිසිය මගින් ලබාදීමට කටයුතු කර ඇත
වරාය තුළ ක්‍රියාත්මක පරියන්ත සේවා හා අන්තර් පරියන්ත සේවාවන්හි නිරත බහලුම්/ භාණ්ඩ ප්‍රවාහන රථ සඳහා අවශ්‍ය ඉන්ධන මුදල් ගෙවීමේ පදනම මත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉන්ධන පිරවුම්හල් වලින් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අඛණ්ඩව සේවයේ නිරත සියලුම සේවක පිරිස් වෙත සෞඛ්‍යාරක්ෂිත සනීපාරක්ෂක සේවා හා සුබසාධන පහසුකම් මෙන්ම හඳුනාගත් මාර්ගයන් ප්‍රවාහන පහසුකම් ද උපරිම අයුරින් ලබාදීමට පියවර ගෙන තිබේ.

 

 

දිලිනි සමන්මලි

 

Post Views: 8
Previous Post

කොරෝනා නිසා ලාංකිකයෙක් ස්විට්සර්ලන්තයේදී ජීවිතක්ෂයට

Next Post

කොටුව සිටි කටුනායක සේවක සේවිකාවන් නිවෙස් වෙත යැවෙයි !

editor

editor

Next Post

කොටුව සිටි කටුනායක සේවක සේවිකාවන් නිවෙස් වෙත යැවෙයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved