• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාහන දඩ මුදල් ඉහළට ! වැරදි කරන රියදුරන්ට ඇමැති අර්ජුන අනතුරු අඟවයි….

23 January 2019
in දේශීය

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන ‍රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.‍ මේ සියල්ල සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරි සති කිහිපයේදී ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අනාවරණය කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හඳුනානොගත් වාහනවලින් අනතුරට ලක් වූවන් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම අද (23) පෙරවරුවේ පැවැත්වුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් එය සංවිධානය කෙරිණ. එහිදී හඳුනානොගත් වාහනවලින් මිය ගිය 04 දෙනකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 02 බැගින්ද බරපතල තුවාල ලැබූවන් දාසය දෙනකුට ලක්ෂය බැගින්ද අද ප්‍රදානය කෙරුණු අතර වන්දි ලැබූ සම්පූර්ණ ගණන විසි දෙනෙකි. පැමිණි පිරිස අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ යුද්ධයෙන් මිය සංඛ්‍යාවට වඩා විශාල පිරිසක් අද වන විට වාර්ෂිකව රිය අනතුරුවලින් මිය යන බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “රියදුරන් හැටියට අපි මීට වඩා පරික්ෂාවෙන් රිය පදවන්න ඕන. එසේ නොමැතිව මහ මඟ ජීවිත බිලි ගනිමින් විනය විරෝධීව රිය පදවන රියදුරන්ට එරෙහිව අපි ඉදිරියේදී දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. සමහර වෙලාවට මම ගන්නා ඒ තීරණ ජනප්‍රියම නීති නොවෙන්න පුළුවන්. නමුත් ඒ තීරණ කිසිම අවස්ථාවක විනයගරුක රියදුරන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩි කරන දඩ හෝ රියදුරු බලපත්‍රය අහෝසි කිරීම වැනි දේවල්වලින් ප්‍රශ්න ඇති වෙන්නේ විනය විරෝධීව රිය පදවන රියදුරන්ට විතරයි. දැන් බලන්න දියුණු රටවල් කරන වැරදි අනුව මාස හයකට හෝ අවුරුද්දකට ලෙස රියදුරු බලපත්‍රය අහෝසි කරනවා. නමුත් එවැනි ක්‍රමවේදයක් අපේ රටේ නැහැ. මම අපේක්ෂා කරන්නේ ඉදිරි මාස කිහිපය තුළධී එවැනි ක්‍රමවේදයක් අපේ රටටත් හඳුන්වා දෙන්න…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කොදාගොඩ මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිළධාරින් පිරිසක් සහභාගි වූහ.

Post Views: 13
Previous Post

කුණු කන්දට සිදු වූ දේ රටට වෙන්න ඉඩ දෙන්නේ නෑ – අගමැති

Next Post

ජාතික දින 71 වැනි සැමරුම් මහෝත්සවය අභිමානවත් ලෙස මෙවරත්

editor

editor

Next Post

ජාතික දින 71 වැනි සැමරුම් මහෝත්සවය අභිමානවත් ලෙස මෙවරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved