• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විනයක් ඇති රටවල් ලෝකයේ ඉදිරියටම – අගමැති

30 June 2023
in දේශීය

විනයක් ඇති රටවල් ලෝකයේ ඉදිරියටම ගොස් ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන පෙරපුහුණු අභ්‍යාසලාභී කාල පරිච්ඡේදය සම්පූර්ණ කළ සංවර්ධන සහායකයින් කාර්යාල සේවයට බඳවා ගැනීමේ පත්වීම් ප්‍රදානය සහ එක්දින පුහුණු සැසිය ආරම්භය අද(30) ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු කෙරුණු අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා “ මහජන සේවය, අභියෝග රැසක් හරහා ගමන් කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ අවස්ථාව ලබාදුන්නා. අද මේ කටයුත්තට ඉතුරු වෙලා ඉන්නේ කී දෙනාද. අඩකටත් වැඩිය ප්‍රමාණයක් අතහැර ගියා. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා පුංචි කාලේ ඉඳන් ඔබ අපි ඉගෙන ගන්නවා. හැර ගියපු අය එය ඉගෙනගෙන නැහැ. ඉවසීමෙන් ජීවිතයේ කොයිතරම් ජයග්‍රහණ වලට පිවිසෙන්න පුළුවන්ද. ඒක ජීවිතය සම්බන්ධව විතරක් නෙමෙයි රටක් සම්බන්ධවත් එලෙසමයි. විනයක් ඇති රටවල් ලෝකයේ ඉදිරියටම ගිහිල්ලා තියෙනවා. විනයක් ඇති සමාජයන් ලෝකයේ දියුණුවට පත්වුණා. විනයක් නැති ප්‍රදේශයක්, සමාජයක්, රටක් අවුලෙන් අවුලට පත්වෙනවා. රටට සේවය කරන්න තිබෙන ප්‍රධාන සේවය රජ්‍ය සේවයයි. ඒ නිසා රාජ්‍ය සේවයේ ගෞරවය, විනය, බලාපොරොත්තු, ඉලක්ක, සාක්ෂාත් කරගන්න ඔබ හැම කටයුතු කළ යුතුයි. රටක් හැටියට අප බලාපොරොත්තු වෙන්නේ එයයි. ඔබ අමාරු ස්ථානයක සේවය කරන්න පුළුවන්. ඒ වගේම පහසු ස්ථානයක සේවය කරන්න පුළුවන්. කොතන සේවය කරත් වගකීමක් කරට ගන්න. වගකීම, යුතුකම තිබෙන අවස්ථාවලදී තීරණ ගැනීමේ අභියෝගය ඔබ හමුවේ තිබෙනවා. ඔබට තිබුණු අධ්‍යාපනික සුදුසුකම් මත රාජ්‍ය සේවයට ලෙහෙසියෙන් ඇතුල් වෙන්න බාධාවක් තිබුණා. ඒ වෙනුවට නිර්මාණශීලීව රජය ඇති කළ සුදුසුකම් ඇති කරගැනීමෙන් අධ්‍යාපනික සුදුසුකම් සමාන පුහුණුවකට පරිවර්තනය කරපු අවස්ථාව භාරගෙන එලෙස පුහුණු වී ඉහළට ගමන් කළ හැකි තත්වයට පැමිණ තිබෙනවා. සමහර විට පළමුවරට වෙන්න පුළුවන් මේ අත්දැකීම ලැබෙන්නේ. මේ මාර්ගයෙන් ඉහළට යන්න අපේ විශ්වවිද්‍යාල පද්ධතියට වෙනම විශ්ව විද්‍යාලයක් එකතුවෙලා තියනවා. උසස් පෙළ නොමැති වුණයි කියලා විශ්වවිද්‍යාලයට යන්න මාර්ගයක් නැහැ කියලා හිතන්න එපා. මේ වගේම මාර්ගයෙන් තමන්ගේ සුදුසුකම හදාගෙන රාජ්‍ය සේවයේ ඉදිරියටම යන්න පුළුවන්කම තිබෙනවා. හොඳම උදාහරණය ඔබයි යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් මෙහිදී අදහස් දැක් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහ පත්වීම්ලාභීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Post Views: 17
Previous Post

පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට හඳුන්වා දීමේ සැලසුමක්

Next Post

නව මහකොමසාරිස්වරු 03 ක් සහ තානාපතිවරු 07 ක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

editor

editor

Next Post

නව මහකොමසාරිස්වරු 03 ක් සහ තානාපතිවරු 07 ක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved