• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විපක්ෂය වික්ෂිප්තයි – ඇමැති රවි කියයි

2 June 2019
in සංවර්ධන

අවම මිල ගණන් යටතේ හදිසි විදුලිය මිලදී ගැනිමක් සිදුකිරීම පිළිබදව අද විපක්ෂය වික්ෂිප්ත වෙලා ඉන්නේ බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 30 වනදා පස්වරුවේ Jet wings Holdings ආයතනයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍ය කරුණානායක මහතා මෙසේ අදහස් පල කර සිටියේය “අපි සෑම අවස්ථාවකම කියන්නේ විදුලි ජනනය සිදුවිය යුත්තේ අවම මිලක් යටතේ කියලා. ඒක අපි ක්‍රියාවෙන්ම අද ඔප්පු කරලා තිබෙන්නේ. මීට ඉහත පැවති මිල ගනන් වලට වඩා අවම මිල ගනන් යටතේ හදිසි විදුලිය මිලදී ගැනිමක් සිදුකිරීම පිළිබදව අද විපක්ෂය වික්ෂිප්ත වෙලා ඉන්නේ. මේ අවස්ථාවේ මම අභියෝග කරනවා, මීටත් වඩා අවම මිලක් යටතේ විදුලිය මිලදි ගැනීමක් කරන්න පුළුවන් නම්, ඒක අපට පෙන්වන්න කියලා. අපි පාරිභෝගිකයා පමණක් නෙමෙයි විදුලිබල මණ්ඩලයත් ආරක්ෂා වනපරිදි පූර්ණ විනිවිද භාවයකින් තමයි කටයුතු කරන්නේ. විදුලි කප්පාදුවක් කිසිසේත්ම ඇති නොවන පරිදි කටයුතු කිරිම තමයි අපේ අරමුණ. ජනතාවට අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලි සේවයක් සැපයීම තමයි අපේ ඉදිරි ගමන. අපි මොන දේ කෙතරම් හොදින් කලත් විපක්ෂය නිතරම උත්සාහ කරන්නේ, එයාලගෙ මිම්මෙන් අපිව මනින්න. අපි නොකරපු දේවල් කළා කියලා, ඔවුන්ගේ මිම්මෙන් අපිව මනින්න හදන එක තමයි දුක” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් චීන සමාගමක් වන Gingdo Holdings Power Equipment Ltd සමග ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් කෙරිනි. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත මීටර් 300 ක් පමණ දිගින් යුතුව ඉදිකිරීමට නියමිත මෙම සම්ප්‍රේෂණ මාර්ගය සදහා ඇමරිකානු ඩෝලර් මිලියන 115 ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන්නේ Theresa Holdings Pvt Ltd විසිනි. මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති රකිත ජයවර්ධන යන මහත්වරුන්ද සහභාගි වූහ.

 

Post Views: 5
Previous Post

යළි isis ත්‍රස්තවාදය මෙරට මතුවීමට ඉඩ නොදීමට කටයුතු කල යුතුයි – අගමැති

Next Post

රටේ සම්පත් කුණු කොල්ලයට විකුණන්න මෛත්‍රි – රනිල් ආණ්ඩුව කටයුතු කරන බව ජවිපෙන් චෝදනා

editor

editor

Next Post

රටේ සම්පත් කුණු කොල්ලයට විකුණන්න මෛත්‍රි - රනිල් ආණ්ඩුව කටයුතු කරන බව ජවිපෙන් චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved