• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශ්වකර්මයක් නෙමෙයි සඳහටම නවත්වනවා – ඇමැති රවි

4 April 2019
in දේශීය

සිංහල දෙමළ අළුත් අවුරුද්දට පමණක් නෙමෙයි ඉන් පසුවත් විදුලි කප්පාදුව නතර කරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) පෙරවරුවේ මිලාගිරිය ශාන්ත පාවුලු විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයකට සහභාගි වෙමින්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

අද දේශපාලනය ලෙහෙසි ගමනක් නෙමෙයි. සමහරු ඇති දේවල් නැති කරනවා. නැති දේවල් ඇති කරනවා. ඒ වගේ බැරෑරුම් ගමනක් යන දේශපාලඥයෙක් තමයි මම. මම මේ විදුලිබල ක්ෂේත්‍රය බාර අරගෙන තවමත් දින 72 යි. මට පැවැරිලා තිබෙන්නේ අමාරු රාජකාරියක්. නමුත් මේ සිංහල දෙමළ අවුරුද්දට ඉස්සෙල්ලා, වසර 15 ක් මේ රටේ ඇණහිටලා තිබුණ, ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය, මම සදහටම විසදනවා. ඒක විශ්වකර්මයක් නෙමෙයි. අපේ රටේ අද දේශපාලඥයෝ ඉන්නවා. නමුත් නායකයෝ නැහැ. මේක කණගාටුවට කරුණක්. නායකයෝ හිතන්නේ තමාගැන නෙමෙයි රට ගැනයි. ඩී.එස් .සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ලලිත් ඇතුළත්මුදලි අන්න ඒ වගේ අය තමයි මේ රටේ හිටිය සැබෑ නායකයෝ. නමුත් දැන් අපේ ලංකාවේ දේශපාලන රාමුව වෙලා තිබෙන්නේ අම්මාගෙන්, තාත්තාගෙන් පැවතගෙන එන පවුල් දේශපාලනයක්. සහජ හැකියාවෙන් ඉදිරියට යාමක් අද නැහැ. අපි රැකිරක්ෂා ගැටළුවට විසදුම් සොයන්න අවශ්‍යනම්, අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන මාර්ග සැකසිය යුතුයි. අපේ ආදායම් මාර්ග වැඩි කරනවා කියන්නේ, රජයෙන් ණයට හැමදෙයක්ම දෙන එක නෙමෙයි, දැනුවත්කම වර්ධනය කරන එකයි අවශ්‍ය වන්නේ. අපේ රටේ ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වයට තිබෙන පළපුරුද්ද. අපේ රටේ නිලධාරීන්ට හිතන්නත් බැරි තත්ත්වයක ඉදගෙන කොහොමද පළපුරුද්දක් ගැන හිතන්නේ. මේවගේ දේවල් තමයි අපි නවීකරණය කරන්න ඕන.රැඩිකල් වෙනසක් ඇති කළ යුතුයි. අළුතින් සිතිය යුතුය. මේක තමයි ඇතිකළ යුතු වෙනස” යැයි අමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 18
Previous Post

දුර ගමනක සලකුණු ” සහ ” එක අහසක් යට ” කෘති දෙක අද එළිදක්වයි

Next Post

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට මෙරට අධ්‍යාපනය හැදැරීමට අවස්ථාව

editor

editor

Next Post

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට මෙරට අධ්‍යාපනය හැදැරීමට අවස්ථාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved