27 April 2024
#දේශීය

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට මෙරට අධ්‍යාපනය හැදැරීමට අවස්ථාව

විදේශ රැකියා සදහා ගොස් රැකියාව අවසන්ව දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන් සදහා මෙරට පාසැල්වල හා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීම සදහා අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ, මෙම ශ්‍රමිකයින් එරටදී සේවය කරන අතරතුර ඔවුන්ගේ දරුවන්ද එම රටවලදී අධ්‍යාපනය ලබන අතර, රැකියාව අවසන්වී මෙරටට පැමිණි පසු මෙරට රජයේ පාසැල් හා රාජ්‍ය විශ්ව විද්‍යාලවලට එම දරුවන් ඇතුළත් කිරීමේදී විවිධ ගැටළුවලට මුහුණපෑමට සිදුවන බව වාර්තා වීමත් සමඟයි.

එහෙයින් මෙම කරුණ සම්බන්ධයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර, එයට කඩිනමින් විසදුම් ලබාගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව රජයේ පාසැල්වලට එම දරුවන් ඇතුළත් කිරීම, ඉංග්‍රිසි මාධ්‍ය මගින් ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීමේදී ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගැනීමට අපේක්ෂිත බව එම කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *