• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශ්වවිද්‍යාල මුහුණ දෙන ගැටළු ගැන උපකුලපතිවරු හා අගමැති අතර සාකච්ඡාවක්

30 July 2019
in දේශීය
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනේ විශ්ව විද්‍යාල පද්ධතිය නියෝජනය කරන උපකුලපතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ලාංකේය විශ්ව විද්‍යාල මුහුණ දෙන ගැටළු හා අභියෝග පිළිබඳවත්, අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳවත් සාකච්ඡා කර තිබේ.

ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී පැවති මෙම සාකච්ඡාවට විශ්ව විද්‍යාල උපකුලපතිවරු 14 දෙනෙක් එක් විය. විශ්ව විද්‍යාලයීය ප්‍රමිතීන් ඉහළ නැංවීම, ස්වාධීනත්වය තහවුරු කිරීම, පශ්චාත් උපාධි පාඨමාලා, ඉංගිරිසි අධ්‍යාපනය, උපකුලපතිවරුන්ගේ කාර්ය භාරය ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.

විශ්ව විද්‍යාල තුළ සිදුවන ශාරීරික, මානසික මෙන්ම සයිබර් වද හිංසා සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

විශ්ව විද්‍යාල ප්‍රජාවට සිය අධ්‍යයන කටයුතු යහපත් පරිසරයක සිදු කරලීමේ අවකාශ උදාකරදීමේ සහ නවීන ලෝකයට සරිලන පරිදි විශ්ව විද්‍යාලයන්හි හැඩරුව සකස් කරලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

මේ අවස්ථාවට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සම්පත් අමරතුංග, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. කේ. සී. කේ. පෙරේරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපුල් බී. දිසානායක, සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනිල් ශාන්ත, කොළඹවිශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, වයඹවිශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඊ. එම්. පී. ඒකනායක, රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුජීව අමරසේන, ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එම්. එම්. එම්. නජීම්, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ එයාර් වයිස් මාර්ෂල් එච්. එම්. එස්. කේ. බී. කොටකදෙනිය, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එස්. ඒ. ආරියදුරෙයි, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එෆ්. සී. රගෙල්, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේ. එල්. රත්නසේකර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

Post Views: 66
Previous Post

ධූරවලින් ඉල්ලා අස් වූ ඇමැතිවරු යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

Next Post

ජනපති හමු වු බුද්ධදාස අපට කියු දේ….!

editor

editor

Next Post

ජනපති හමු වු බුද්ධදාස අපට කියු දේ....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved