• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණක් – රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්

16 December 2023
in දේශීය

මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැළසුම් කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එසේම කලාපයේ මෙන්ම ජාත්‍යයන්තරයේ සිදු කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදු කිරීමට ජාතික උසස් අධ්‍යාපන අධිකාරියක් පිහිටු වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව සුරේන් රාඝවන් මහතා අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා විශාල මුදලක් වෙන්කරමින් අයෝජනයක් සිදු කර තිබෙනවා. මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට අප බලාපොරාත්තු වෙනවා. ඒ සඳහා වන විශේෂ සාකච්ඡාවක් ලබන මස පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ඒ වගේම කලාපයේ රටවල මෙන්ම ජාත්‍යයන්තරයේ අනෙකුත් රටවල සිදුකෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පර්යේෂණ සහ සංවර්ධනයන් පිළිබඳව අධ්‍යයනයන් සිදු කිරීම සඳහා ජාතික උසස් අධ්‍යාපන අධිකාරියක් පිහිටු වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. එය 21 වන සියවසට ගැලපෙන අයුරින් සිදු කිරීමට නියමිතයි. විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු එක් තැනකට රැගෙන ඒම ද මෙහි තවත් අරමුණක් බව කිවයුතුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට සැළසුම් කර තිබෙනවා. මෙරට අචාර්යවරුන් සහ මහාචාර්යවරුන් විශාල පිරිසක් විදේශ රටවලට ගොස් සිටිනවා. ඔවුන්ගේ සේවය නැවත අප ලබාගත යුතුයි. මෙරටට පැමිණ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම් කටයුතු සහ පර්යේෂණ කටයුතු සිදුකරන ලෙස අප ඔවුන්ට ආරාධනා කළා. ඒ අනුව මේ වන විට ආචාර්යවරුන් කිහිපදෙනෙක් මෙරටට පැමිණ එම සේවාව ලබාදෙනවා. එසේම මෙරට විශ්වවිද්‍යාල තුළ පවතින ප්‍රචණ්ඩත්වය අවසන් කර දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරදීමට අප මේ වනවිටත් පියවර ගෙන තිබෙන බව කිවයුතුයි. ලබන වසර සඳහා මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. එම සිසුන් විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර තමන් තෝරාගත් විෂයට අනුව මාස හතරක සමාජ සේවා කටයුත්තක නිරත විය යුතුයි. ඒ සඳහා නව වැඩපිලිවෙළක් අප සැළසුම් කර තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 10
Previous Post

ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී වෙළෙඳපොළ ප්‍රවනතා ප්‍රතිපත්ති පත්‍රිකාව එළි දක්වයි

Next Post

පොහොට්ටුව සමඟ සජබ දේශපාලන එකතුවීමක් නෑ – මහ ලේකම් රංජිත් මද්දුම

editor

editor

Next Post

පොහොට්ටුව සමඟ සජබ දේශපාලන එකතුවීමක් නෑ - මහ ලේකම් රංජිත් මද්දුම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved