• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව වැඩි කරයි

13 June 2019
in දේශීය

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. මෙම වැඩි කිරීම ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව විශේෂ හැකියාවන් සහිත පුද්ගලයකු වෙනුවෙන් ලැබෙන මාසික දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි 32,000 ක් පමණ වන පුද්ගලයන් හට මෙතෙක් රුපියල් 3,000ක් බැගින් මෙම දීමනාව ගෙවන ලදී. එයට අමතරව ගෙවීම් අපේක්ෂාවෙන් තවත් පුද්ගලයෝ 40,000ක් පමණ එහි ලියාපදිංචි වී සිටිති.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය මගින් යෝජනා කළ පරිදි අලුතෙන් ලියාපදිංචි වූ පුද්ගලයන් 40,000 ඇතුළු විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් 72,000 ටම ජූලි මස පළමු වැනි දා සිට මෙම වැඩිකළ රු. 5,000 දීමනාව ගෙවනු ලැබේ.

2019 අයවැය යෝජනාව අනුව ක්‍රියාත්මක මෙම දීමනාව ඉහළ නැංවීම වෙනුවෙන් මෙම වසර සඳහා රුපියල් මිලියන 4350ක් වෙන් කර තිබේ.

මෙම ගෙවීම් කිරීම සඳහා අනුමැතිය ලබා දෙන චක්‍රලේඛය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය වෙත මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලදී.

Post Views: 6
Previous Post

අලූත්ම Viber ක‍්‍රිකට් game එකෙන් ලෝක කුසලාන ක‍්‍රිකට් උණුසුම තවත් ඉහළට

Next Post

ජාතික බුද්ධි අංශ ප්‍රධානියෙකු පත් කෙරේ

editor

editor

Next Post

ජාතික බුද්ධි අංශ ප්‍රධානියෙකු පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved