• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලන්ඩන් කොටස් වොලෙඳ පොළ සුදානම්

8 October 2018
in දේශීය

ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකි වීම අතිශය අගය කළ යුතු කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සඳහා සහය ලබාදීමට ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානම් බවත්, ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් (Mr. David Schwimmer) මහතා පවසයි.

ෂ්විමර් මහතා ඒ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08 ) පෙරවරුවේ ලන්ඩන් කොටස් වෙළඳපොළ සමාරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අවස්ථාවේදීය.

විශේෂ ආරාධිතයෙකු ලවා ලන්ඩන් කොටස් වෙළදපොළ සමාරම්භ කරවීම ඈත අතීතයේ සිට පැවතෙන සම්ප්‍රදායකි. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ව්‍යාපාරික හා මුල්‍ය සබඳතා නව මානයකට ගෙන ඒමේ අරමුණින් ලන්ඩන් කොටස් වෙළඳපොළ විසින් වික්‍රමසිංහ මහතාට සමාරම්භක අවස්ථාවට එක්වන ලෙස ආරාධනා කර තිබිණි.

මෙහිදී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම ඔස්සේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට කඩිනම් පියවර ගැනීම තම අපේක්‍ෂාව බවයි.

අප ජීවත් වන්නේ සීග්‍රයෙන් වෙනස් වන සමාජ වටපිටාවක බැවින්, ඊට අනුරූපව සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සිදු කරමින් රට ඉදිරියට ගෙන යාමටත්, ඒ ඔස්සේ ශක්තිමත් ගෝලීය මුල්‍ය ක්‍රමයකට එක්වීමටත් ශ්‍රී ලංකාව කැපවී ක්‍රියා කරන බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

කොළඹ කොටස් වෙළඳපොළ සභාපති රේ අබේවර්ධන මහතා අදහස් දක්වමින් පැවසූයේ ආසියාවේ පැරණිම කොටස් වෙළඳපොළ වන කොළඹ කොටස් වෙළඳපොළ හා ලන්ඩන් කොටස් වෙළඳපොළ ඉතා සමීපව කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා පූර්ණ දායකත්වයක් ලබා දෙමින් සිටින බවය.
්
ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ විශේෂ නියෝජිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන, ලන්ඩන් කොටස් වෙළඳපොළ පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිකිල් රතී , අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපති රනිල් විජේසිංහ, එක්සත් රාජධානියේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් සුගීෂ්වර ගුණරත්න ඇතුළු විශේෂ ආරාධිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ.

 

Post Views: 4
Previous Post

හැමෝටම පිළිගන්න ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි – ඇමැති රිෂාඩ් කියයි

Next Post

සිෂෙල්ස් රාජ්‍යය ජනපතිව උණුසුම්ව පිළිගනි

editor

editor

Next Post

සිෂෙල්ස් රාජ්‍යය ජනපතිව උණුසුම්ව පිළිගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved