• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් සහ රජය ශ්‍රී ලංකාව සඳහා තිරසර සංවර්ධන සහයෝගීතා රාමුවකට අත්සන් තබයි

17 August 2022
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන සහයෝගීතා රාමුව (UNSDCF) 2023-2027 ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් විසින් අද (17) දියත් කල බව මුදල් අමාත්‍යාංශය පවසයි.

UNSDCF යනු ශ්‍රී ලංකාවේ සියලුම එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල කටයුතු මෙහෙයවන රාමුව වන අතර තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමූහික දැක්ම සහ දායකත්වය ප්‍රකාශ කරයි. සහයෝගීතා රාමුව, කෝවිඩ්-19 හි බලපෑමත් ආර්ථික අර්බුදයෙන් ශීඝ්‍ර ප්‍රකෘතියක් සහතික කිරීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහාත් මූලිකත්වය ලබා දෙයි. එසේම ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්, සමාජ සේවා, යහපත් රැකියා, සමාජ සහජීවනය සහ සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා ආර්ථිකය පුනර්ජීවනය වෙනුවෙන් සහය දැක්වීමට ප්‍රමුඛත්වය ලබා දෙයි.

UNSDCF සම-අත්සන් කිරීම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ද එක්සත් ජාතීන්ගේ නියෝජනය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් – හම්ඩි මහත්මිය විසින්ද සිදුකරනු ලැබින. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, අරමුදල් සහ වැඩසටහන් ප්‍රධානීන් ද සහයෝගීතා රාමුවට අත්සන් තැබූහ. මුදල් අමාත්‍යාංශයේ දී පැවති මෙම අත්සන් තැබීමේ උත්සවයට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලයේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් මැක්ලච්ලන්-කාර් මහතා ද සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ “වර්තමාන ගෝලීය අභියෝග පෙන්නුම් කරන්නේ බහුපාර්ශ්වික විසඳුම් සඳහා ජාත්‍යන්තර ප්‍රජාව හවුල් ප්‍රමුඛතා වෙනුවෙන් අඛණ්ඩව එක්ව කටයුතු කිරීමේ වැදගත්කමයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් සමඟ ඇති මෙම සහයෝගිතා රාමුව ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා තිරසර සහ සියල්ලන් ඇතුළත් සංවර්ධනයක් කරා යන ගමන් මග ප්‍රධාන වනු ඇත.

වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හම්ඩි පැවසුවේ, “මෙම සහයෝගිතා රාමුව අන්‍යෝන්‍ය ලෙසින් පාර්ශ්වකරුවන් සතු වන අතර ජාතික සංවර්ධන ප්‍රමුඛතා, 2030 න්‍යාය පත්‍රය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම හා සහ සම්බන්ධතා දක්වයි. UNSCDF අන්තර් සම්බන්ධිත සහ අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් උපාය මාර්ගික ප්‍රමුඛතා හතරක් වටා ව්‍යුහගත වී ඇති අතර එහිදී එක්සත් ජාතීන්ගේ පද්ධතිය ශ්‍රී ලංකාවට පරිවර්තනීය සහ වේගවත් ප්‍රගතියක් ලබා ගැනීමට සහාය වීම සඳහා සිය විශේෂඥ දැනුම සංකේන්ද්‍රණය කරනු ඇත. මෙම මූලෝපායික ප්‍රමුඛතා අන්තර්කරණය වූ සහ සමානාත්මතාවය ද මානව සංවර්ධනය සහ යහපැවැත්ම ද සමෘධිමත් හවුල්කාරත්වයක් සහ පාරිසරික තිරසරබව සඳහා ප්‍රත්‍යාස්ථ සහ හරිත ප්‍රතිසාධනය සහ වර්ධනය; සමාජ සහජීවනය සහ අන්තර්කරණීය පාලනය සහ යුක්තිය; සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ද ආවරණය කරයි. ඇත්ත වශයෙන්ම, ආර්ථික අර්බුදයෙන් සහ කොවිඩ්-19 හි බලපෑමෙන් සීඝ්‍රයෙන් ප්‍රකෘතිමත් වීම අපගේ කාර්යයට පාදක වනු ඇත.” එක්සත් ජාතීන්ගේ වැඩසටහන් මානව හිමිකම් සහ වෙනස් කොට සැලකීම් නොකිරීම සහ “කිසිවෙකු අත නොහැර” යන්න සහතික කිරීම යන මූලධර්ම තුළ සහ සම්බන්ධ වී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

“2023 – 2027 සංවර්ධන සහයෝගිතා රාමුව තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශීය කණ්ඩායම සමඟ සහයෝගීව කටයුතු කරන අතරම ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතා පිළිබිඹු කරයි. එය අවසන් වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය පෙරමුණු තුළ පරිවර්තනීය වෙනස්කම් ක්‍රියාත්මක වෙමින් පවතින ඉතා වැදගත් මොහොතකය. මෙම රාමුව එහි සංවර්ධන ක්‍රියාකාරකම් ඉදිරියට රැගෙන යාමේදි මෙන්ම ජාතික මට්ටමේ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ දී ද එක්සත් ජාතීන්ගේ පද්ධතියට වැදගත් වෙනසක් ද ඇතිකරයි.” විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය පැවසුවාය.

UNSCDF සඳහා ඇස්තමේන්තුගත ඇමරිකන් ඩොලර් මිලියන 60 මූලික අයවැය ප්‍රතිපාදන හරහා අරමුදල් සපයනු ලැබේ. අමතරව ක්‍රියාත්මක කිරීමේ පස් අවුරුදු කාලය තුල වෙනත් සම්පත් හරහා ඇමරිකන් ඩොලර් මිලියන 325 ලබා දෙනු ඇත.

 

Post Views: 1
Previous Post

සජිත් විවේචන කලාට බලයට එන්න බයයි – මන්ත්‍රී ජගත්

Next Post

රටේ අර්බුධ අස්සේ කෝටි ගණන් වන්දි ගෙවීම නොකල යුත්තක් – හිටපු ජනපති මෛත්‍රිපාල

editor

editor

Next Post

රටේ අර්බුධ අස්සේ කෝටි ගණන් වන්දි ගෙවීම නොකල යුත්තක් - හිටපු ජනපති මෛත්‍රිපාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්‍රං මිල වේගවත් වෙයි

රත්‍රං මිල වේගවත් වෙයි

16 October 2025
හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

16 October 2025
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!

සෙව්වන්දි සොයා රහසේම ගිය ක්‍රියාන්විතයේ තවත් කතා

16 October 2025
මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

16 October 2025

Recent News

රත්‍රං මිල වේගවත් වෙයි

රත්‍රං මිල වේගවත් වෙයි

16 October 2025
හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

16 October 2025
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!

සෙව්වන්දි සොයා රහසේම ගිය ක්‍රියාන්විතයේ තවත් කතා

16 October 2025
මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

16 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්‍රං මිල වේගවත් වෙයි

රත්‍රං මිල වේගවත් වෙයි

16 October 2025
හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

16 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved