• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී. තාක්ෂණය ව්‍යාප්ත කිරීමට කොරියානු රජයේ සහයෝගය

14 March 2019
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී. තාක්ෂණය ව්‍යාප්ත කිරීමට කොරියානු රජයේ සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් හා විදුලිබල ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් කොරියාවේ විශේෂ අවධානය යොමුව ඇති බව දුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යාංශය කියා සිටියේ ඉදිරියේදී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බදධයට ස්ථිරසාර පිළියම් සෙවීම මූලික අරමුණ කරගනිමින්, කොරියානු තානාපති Lee Heon මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති අවස්ථාවේදිය.

දිනෙන් දින වර්ධනය වන ජනගහනයත්, තාක්ෂණික වර්ධනයත් හේතුවෙන් ලෝකයේ බලශක්ති ඉල්ලුමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවී ඇති බවත්, අප සතුව පවතින්නාවූ සීමිත සම්පත් හමුවේ ඉදිරි වසර කිහිපය තුළදී ඇතිවීමට නියමිත බලශක්ති ඉල්ලුම සපුරාලීමේ ගැටලුවක් ඇතිවීම අනිවාර්යය බවත්, එම ගැටලු සහගත තත්ත්වයෙන් මිදීමටනම් අප දැන්තියාම ස්ථිරසාර විසදුමක් සෙවීමට පෙළඹිය යුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා පැවසීය. මේ සදහා ශ්‍රී ලංකාව මේ වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත නැඹුරු වෙමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, සූර්ය, සුළං ආදි පුනර්ජනනීය ප්‍රභවයන් තුළින් මේ වනවිට ශ්‍රී ලංකාව සැලකියයුතු මට්ටමකට පැමිණ ඇති බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කොරියානු තානාපති අවධාරණය කළේ, විදුලිය සැපයීම අතින් කලාපයේ සෙසු රටවලට වඩා ඉදිරියෙන් ලංකාව සිටින බවයි. ලංකාව වැනි සංවර්ධනය වන රටක් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබදව මේ අයුරින් විශේෂ අවධානයක් යොමුකිරීම රජයක් වශයෙන් සිදුකරනු ලබන විශිෂ්ට ක්‍රියාවක් බවත්, ඒ තුළින් රටක් වශයෙන් නැගී සිටීමට සහ සංවර්ධනාත්මක මාවතකට අවතීර්ණ වීමට පහසු බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට අනුගමනය කරනු ලබන පුනර්ජනනීය විදුලි ජනන ක්‍රමෝපායන් හැරුණකොට, විදුලි උත්පාදනය වෙනුවෙන් එල්.එන්.ජී. තාක්ෂණය යොදාගැනීමේ ඇති වැදගත්කම පිළිබදවද මෙහිදී තානාපතිවරයා වැඩිදුරටත් කරුණු පැහැදිළි කළේය.

කොරියානු තානාපතිවරයාගේ අදහස් පිළිබදව සිය කෘතඥතාවය පළකල අමාත්‍ය කරුණානායක මහතා, තම රටේ විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාදාමයට කොරියානු රජයේ සහාය අපේක්ෂා කරන බවත්, ඒ තුළින් කොරියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කලක පටන් පවතින්නාවූ රාජ්‍ය තාන්ත්‍රික සහ මිත්‍ර සබදතා තවතවත් තහවුරු කරගැනීමට තමා අදහස් කරන බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හදුනාගනිමින් තම රට තුළ ආයෝජනය කිරිමට කොරියානු රජය වෙත තමා විවෘත ආරාධනයක් කරන බවත් පැවසීය.

 

Post Views: 7
Previous Post

දෙවන විශේෂ මහාධිකරණයේ නඩු පැවරීම් ගැන ඇමැති තලතා කතා කරයි

Next Post

රාජ්‍ය ඇමති අශෝක් ඉඩම් සොයයි

editor

editor

Next Post

රාජ්‍ය ඇමති අශෝක් ඉඩම් සොයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved