• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස චූලානන්ද පත් කරයි

16 May 2024
in ක්‍රීඩා, පුවත්
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස චූලානන්ද පත් කරයි

ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා වශයෙන් අත්දැකීම් බහුල, කීර්තිමත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිධාරි (විශ්‍රාමික) ඩබ්.ඒ.චූලානන්ද පෙරේරා මහතා පත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාට 1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් පැවරී ඇති බලතල අනුව හා පනතේ 31 වැනි වගන්තිය සමග කියවිය යතු 41 වන වගන්තිය යටතේ 2024.05.03 වන දිනැති හා අංක 2382/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුවයි.

ඒ අනුව පනත ප්‍රකාරව ඔහුගේ රාජකාරි අතර ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක/සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමයි. අගතියට පත් පුද්ගලයා එවැනි තීරණයකින් හෝ ක්‍රියාවකින් දින 14 ක කාලයක් ඇතුළත ක්‍රීඩා ඔම්බුඩ්ස්මන් වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. සාධාරණ හා අපක්ෂපාතී සමාලොචනයකින් පසුව, ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා විසින් එම ඉල්ලීම ලැබී දින 14 ක් ඇතුලත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හරහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කළ යුතුය.

ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක/සම්මේලනයක තීරණයක් හෝ ක්‍රියාවකට අදාළ යම් ආරවුලක් ඔම්බුඩ්ස්මන් වෙත යොමු කිරීම, ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක/ සම්මේලනයක තීරණයකට හෝ ක්‍රියාවකට අදාළව අභියාචනා උපදේශක කමිටුවවෙත කෙරෙන ඕනෑම අභියාචනයක් සදහා පුර්ව කොන්දේසියක් විය යුතුය. ඔම්බුඩ්ස්මන්වරයා විසින් නිර්දේශයක් කරන තුරු, එවැනි අභියාචනයක් අභියාචනා උපදේශක කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුවන කාල සීමාව අදාළ නොවේ.

සෑම ජාතික ක්‍රීඩා සංගමයක්/සම්මේලනයක්ම ඔම්බුඩ්ස්මන්වරයාගේ සම්බන්ධීකරණ තොරතුරු සමග ඔම්බුඩ්ස්මන්වරයාගේ සේවය ලබා ගත හැකි බව එහි සාමාජිකයින්ට සහ ක්‍රීඩකයින්ට වාර්ෂිකව දැනුවත් කළ යුතුය.

Post Views: 12,803
Previous Post

රෝගී අයිතිවාසිකම් පිළිබද ප්‍රඥාප්තියක් එළිදක්වනවා – ඇමැති රමේෂ්

Next Post

ශ්‍රී ලාංකිකයන් ගැන සොයන්න විශේෂිත දූත පිරිසක් රුසියාවට යැවීමට පියවර ගන්නවා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක 

editor ttvnews

editor ttvnews

Next Post
ජනපතිගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ල වන විවේචන පදනම් විරහිතයි – රාජ්‍ය අමාත්‍ය තාරක

ශ්‍රී ලාංකිකයන් ගැන සොයන්න විශේෂිත දූත පිරිසක් රුසියාවට යැවීමට පියවර ගන්නවා - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved