• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන්න – විදෙස් ඇමති රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගෙන් ඉල්ලයි

13 January 2019
in දේශීය
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් විදේශ රටවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

බුදුදහම, මැණික්, තේ, කුළුබඩු, විශිෂ්ට තත්ත්වයේ අපනයන නිෂ්පාදන සහ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාර වැනි අප රටට ආවේණික සන්නාම භාවිතා කරමින්, මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය කාර්යක්ෂම සහ ඵලදායි ලෙස භාවිතා කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විදේශ රටවලදී වර්ධනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සිය නිලධාරීන්ගේ මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ ජනමාධ්‍ය සබඳතා පිළිබඳ කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සහයෝගයෙන් සංවිධානය කළ මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා ජනමාධ්‍ය සබඳතා පිළිබඳ දෙසති පුහුණු වැඩසටහනේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය 11 වනදා පැවැති අවස්ථාවේදීය. ශ්‍රී ලංකා විදේශ සේවයට 2018 වසරේදී බඳවා ගනු ලැබූ නවක නිලධාරීහු සහ දැනට අමාත්‍යාංශයේ සේවය කරන මධ්‍යම මට්ටමේ නිලධාරීහු කණ්ඩායමක් මෙම පුහුණු වැඩසටහනට සහභාගී වූහ.

මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ජනමාධ්‍ය සබඳතා වෙනුවෙන් කැපවූ මෙවැනි වෘත්තීමය පුහුණු වැඩසටහනක් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූයේ දශක දෙකකට පසු පළමු වරටය.

උත්සවය අමතා අදහස් දැක් වු අමාත්‍ය තිලක් මාරපන මහතා, “ එකිනෙකා කෙරෙහි කරුණාව දක්වන මෛත්‍රියෙන් පිරි ජනතාවගෙන්ද සුලබව ඇති කුසලතාවලින්ද සමන්විත ශිෂ්ට සම්පන්න රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විදේශ රටවල නිරූපණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. “එම පණිවිඩය ඉතා පැහැදිලිව ලබා දිය යුතු” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම ප්‍රතිරූප වර්ධන ව්‍යායාමයේදී සහ ශ්‍රී ලංකාව පිළිබඳව ඇති අවබෝධයන් වෙනස් කරලීමේදී නව්‍යතාවෙන් යුතුව සිතා කටයුතු කරන ලෙසට ඔහු ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. මෙම කාර්යයන්වලදී මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජනමාධ්‍ය සබඳතා පිළිබඳ කුසලතා බෙහෙවින් ප්‍රයෝජනවත් වන බවද අමාත්‍යවරයා පැවැසීය.

මෙම උත්සවය ඇමතූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, මහජන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් මෙරටදී මෙන්ම විදේශවලදීද විදේශ කටයුතු අමාත්‍යාංශයට ප්‍රධාන භූමිකාවක් රඟදැක්වීමට ඇති බවත්, ඊළඟ විසි වසර තුළ රජයේ මහජන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතාවලින් ශ්‍රී ලංකා විදේශ සේවයේ විවිධ මට්ටම්වල කණ්ඩායම් රැසක් සන්නද්ධ කිරීමට මෙම ප්‍රබල පුහුණු වැඩසටහන සමත් වූ බවත් ප්‍රකාශ කළේය. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ජනමාධ්‍ය සමඟ සබඳතා ගොඩ නඟා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඒ මහතා, චිරස්ථායි සම්බන්ධතාවකට මඟ පාදමින්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට සහ ජනමාධ්‍යවේදී ප්‍රජාවට එකිනෙකාගේ දෘෂ්ටිකෝණ අවබෝධ කරගැනීමේ කර්තව්‍යයේ නියැළීමේ වේදිකාවක් මෙම දෙසති පුහුණු වැඩසටහන විසින් නිර්මාණය කරන ලද බව පැවැසීය.

Post Views: 13
Previous Post

නොදුන්නොත් අපි කරන ලොකු පවක් ! අමාත්‍ය පී හැරිසන්

Next Post

ගෝඨා සුදානම් කිව්වාට…. ! තවම අවසර දීලා නෑ …. !

editor

editor

Next Post

ගෝඨා සුදානම් කිව්වාට.... ! තවම අවසර දීලා නෑ .... !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනාවැකි වෙළෙඳපොළ හරහා ඔට්ටු ඇල්ලීමෙන් වළකින්නැයි  ධවල මන්දිර කාර්ය මණ්ඩලයට උපදෙස්

අනාවැකි වෙළෙඳපොළ හරහා ඔට්ටු ඇල්ලීමෙන් වළකින්නැයි ධවල මන්දිර කාර්ය මණ්ඩලයට උපදෙස්

10 April 2026
ඩබෝ හි වාහන සොරකමක් සහ  පොලිස් හඹායාමක් සම්බන්ධයෙන්  22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

ඩබෝ හි වාහන සොරකමක් සහ පොලිස් හඹායාමක් සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

10 April 2026
ඉසිපතන විද්‍යාලයීය රග්බි වසන්තය 2026 අනුග්‍රාහක උපහාර සහ මාධ්‍ය හමුව  උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඉසිපතන විද්‍යාලයීය රග්බි වසන්තය 2026 අනුග්‍රාහක උපහාර සහ මාධ්‍ය හමුව උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

10 April 2026
ඔරේන්ජ් හි නිවසක් බිඳ  දේපළ සහ රථවාහන සොරාගත්  17 හැවිරිදි තරුණයෙකුට නඩු පවරයි

ඔරේන්ජ් හි නිවසක් බිඳ දේපළ සහ රථවාහන සොරාගත් 17 හැවිරිදි තරුණයෙකුට නඩු පවරයි

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

WrestleMania 42 න් පසු  පැවැත්වෙන ‘WWE Raw’ විශේෂ වැඩසටහනට  Brock Lesnar සහ Roman Reigns එක්වෙයි

WrestleMania 42 න් පසු පැවැත්වෙන ‘WWE Raw’ විශේෂ වැඩසටහනට Brock Lesnar සහ Roman Reigns එක්වෙයි

10 April 2026
අරක්කු බෝතලයක්  අල්ලසක් ලෙස ඉල්ලූ  පොලිස් කොස්තාපල්වරයෙකු  අත්අඩංගුවට

අරක්කු බෝතලයක් අල්ලසක් ලෙස ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved