• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ‍්‍රී ලංකාව එක නීති පද්ධතියක් යටතට ගත යුතුයි – ඇමති චම්පික රණවක

21 August 2019
in දේශීය

ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකගේ වගකීම ජනතාවගේ බිය සැක දුරුකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමත් 19 වෙනි සංශෝධනය කළාසේම සංශෝධනය අනුමත කර රට එක නීතියකට ගෙන ආ යුතු බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මිනිසත්කම නොහඳුනන ත‍්‍රස්තවාදයේ ලේ වැකි ප‍්‍රහාර හමුවේ දනින් නොවැටී, එම නොමිනිස් ප‍්‍රහාර හමුවේ මිනිස්කම බිඳ වැටීමට ඉඩ නොදී, රටක් දැයක් ලෙස මානවවාදී ඉදිරි දර්ශනයකින් මුවහත්ව සක‍්‍රීයව නැගී සිටීම උදෙසා දිරිය දෙන රට රකින – රට හදන මහජන ව්‍යාපාරයේ පානදුර මහා සමුළුව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ” ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායක තුමන්ලාගේ වගකීම තමයි ජනතාවගේ බිය සැක දුරුකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම. රට එක රටක් කරන්න නම් මේ නීති ප‍්‍රතිපාදන පාර්ලිමේන්තුවේ සියළුම දේශපාලන පක්ෂවල අනුමැතියෙන් 19 වෙනි සංශෝධනය කළා වගේ සංශෝධනය අනුමත කරලා රට එක නීතියකට ගේන එක. ඒකට ආදර්ශය ඉන්දියාවෙන් ලැබුණා. කාශ්මීරය ඉන්දියාවේ ප‍්‍රාන්තයක් හැටියට නම් කරගෙන, ඉන්දියාවේ එක නීතියක්, එක ව්‍යවස්ථාවක් යටතට ගෙනල්ලා ඒ ආදර්ශය අපට ඉන්දියාවෙන් ලබාදී තිබෙනවා. එම ආදර්ශය ලංකාවේ අපිත් දැනගෙන කි‍්‍රයාත්මක කළ යුතුයි.

නැතිනම් මොකද වෙන්නේ? අද සිංහල ජනතාව මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාරවලට යන්නේ නැහැ. මුස්ලිම් ජනතාවගේ වෘත්තීයවේදීන් වෘත්තීය කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වගේම දෙගොල්ලෝ අතරේ බිය සැක ඇතිවෙලා තිබෙනවා. ඒක සිංහල – මුස්ලිම් විතරක් බිය සැක නෙමෙයි. අපි මේ ජාතික මගත් සමග අම්පාර ඇතුළු නොයෙකුත් ස්ථානවලට ගියා. ඒ හැම තැනකම ගියහම වගේ උතුරු – නැගෙනහිර ගියහම අලූත් ප‍්‍රශ්නයක් දෙමළ ජනතාව අතරත් ඇතිවී තිබෙනවා මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන්. ඒක තමයි කල්මුණේ ඇතිවී තිබෙන ප‍්‍රශ්නය. ඒ නිසා අද මේ රටේ එදා භාෂාව අනුව සිංහල – දෙමළ හැටියට බෙදිච්ච බෙදිල්ල අද ආගම හැටියට බෙදෙන්න එනවා නම් අපි ඒ ගැන ප‍්‍රවේශම් විය යුතුයි. අපට තවත් අවුරුදු 30 ක් ආගම මත පදනම් වෙලා යුද්ධ කරන්න බැහැ. ඒක නිසා අපි එක රටක එක නීතියක් යටතේ ජනතාවට යුක්තිය ඉෂ්ඨ වෙනවා කියන විශ්වාසය ඇතිකර ගත යුතුයි.

අපගේ කාදිනල් වහන්සේ නිතර ප‍්‍රකාශ කරන දෙයක් තමයි මේ ජනතාවට යුක්තිය ඉටු වුණේ නැහැ. අපරාධ කාරයින්ට දඬුවම් ලැබුනේ නැහැ කියලා. ඒකට හේතුව ජනතාව අතර තවම අවිශ්වාසය, සැකය තිබෙනවා. ඒ අවිශ්වාසය හා සැකය දුරු කරන්න නම් මේ නව නීති රීති පනවලා රටේ එක නීතියක් යටතට සියළු ජනතාව ගෙනල්ලා අපි කටයුතු කළ යුතු වෙනවා. එමනිසා මේ සඳහා ධෛර්යය දේශපාලකයින්ට ලබාදීම තමයි අපේ මේ ජාතික මගේ ප‍්‍රධාන අරමුණ. ඒ සඳහා ධෛර්යය ලබාදී එක රටකට එක නීතියකට රට ගෙන එන එක. මානුෂීය නීතිවලට සෑම මනුෂ්‍යයෙක්ම යටත් කරන එක, ශ‍්‍රී ලාංකික නීති පද්ධතියකට සෑම ශ‍්‍රී ලාංකික පුරවැසියෙක්ම යටත් කරන එක වගේම ඒ අතරේ සංස්කෘතික අනන්‍යතාවයන් පවත්වාගෙන යන්න ඉඩකඩ ලබාදීම. ඒක තමයි මේ රට ඉල්ලන අද රටට අත්‍යාවශ්‍ය සමාජ විප්ලවය යැයි ” අමාත්‍ය පාඨලි චම්පික මහතා පැවසීය.

 

Post Views: 17
Previous Post

ආණ්ඩුව අධ්‍යාපනය විකිණීමේ කුමන්ත්‍රණයක් කරන බව පුබුදු ජයගොඩ

Next Post

ශ්‍රමිකයන්ගේ ආර්ථික නවීකරණය කරන්න සුදානම් – අගමැති

editor

editor

Next Post

ශ්‍රමිකයන්ගේ ආර්ථික නවීකරණය කරන්න සුදානම් - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved