• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව සියළු අන්තවාදයන් පිටු දැක සමඟීයෙන් නැගිසිටිනවා – කථානායක

13 June 2019
in දේශීය

ශ්‍රී ලංකාව සියළු අන්තවාදයන් පිටුදැක සමඟියෙන් නැගීසිටින බව කථනායක කරු ජයසුරිය මහතා ලෝකයේ ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු ඉදිරියේදී පැවසයි.

ලෝකයේ ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු කථානායකවරයා සමඟ වි‍ශේෂ හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේදි පැවැත්විය. ත්‍රස්තවාදය කෙටිකලක් තුල මුළුමනින්ම පාහේ අකර්මන්‍ය කර ආරක්ෂාව තහවුරු කල ලෙසටම ශ්‍රී ලංකාව සියළුම අන්තවාදයන් පිටුදැක නොබෝ දිනකින්ම යලි සමඟි සම්පන්න ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටිනු ඇතැයි කථානායකවරයා මෙම තානාපතිවරු හමුවේ කියා සිටියේය.

පාර්ලිමේන්තුව අදාල ආංශික කාරකසභා සහ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් ත්‍රස්තවාදය හා ඊට අවශ්‍ය පෝෂණය ලබා දෙන අන්තවාදය පිටුදැකීමට පැහැදිලි නීති සම්පාදනය කරමින් සිටින බවත්, එක රටත් තුල එක් නීතියක් යටතේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමට ඉන් පදනම සැලසෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් කථානායකවරයා අවධාරණය කළේය.

විශේෂයෙන්ම ආගමට මුවා වී සිදුකරන අන්තවාදී ක්‍රියාවලියත්, ලමා විවාහ, බහුවිවාහ මෙන්ම අන්‍යතාවය වසන් කරන විලාසිතා සහ අන්තවාදය පෝෂණය කරන ආධ්‍යාපන ආයතන සම්බන්දව පියවර ගැනීමේ දී ඉස්ලාම් නායකයන් මෙන්ම සාමකාමි බහුතර ඉස්ලාම් ජනතාවගෙන් ලැබුණ සහය හා මඟ පෙන්වීම කෘත වේදීව සිහිපත් කරන බවද කථානායකවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව තුල කවර ජාති ආගම් ජීවත් උවද සියල්ලන්ටම බලපාන පොදු නීතියක් ක්‍රීයාත්මක කිරීමේ අවශ්‍යතාවය තමන්ද අවිවාදයෙන් පිළිගන්නා බව මෙහිදී ඉස්ලාම් රටවල තානාපතිවරු පැවසූහ.

එමෙන්ම, මද්‍රසා පාසල් සහ ආගමික අධ්‍යාපන ආයතන රජයේ අධීක්ෂණය යටතට පත්වීමද වැදගත් අවශ්‍යතාවයක් බව එම තානාපතිවරු සඳහන් කලහ. වෛරී කථනය හා සමාජ මාධ්‍ය මඟින් පතුරවන වෛරී අදහස් පාලනයට පියවර ගැනීමේ වැදගත්කමද මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.

කථානායකවරයා සමග මෙම හමුවට එක් වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේයවර්ධන, ආංශික කාරක සභා සභාපතිවරුන් වන මයන්ත දිසානායනක, මලික් ජයතිලක යන මන්ත්‍රීවරු කරුණු පැහැදිලි කලහ.

මෙම හමුව සදහා , ඇෆ්ගනිස්ථානය,බංලාදේශය,ඉජිප්තුව,ඉංදුනිසියාව,ඉරානය, ඉරාකය,ලිබියාව,කුවේට්,මැලේසියාව,ඕමානය,පකිස්තානය,පලස්තීනය,කටාර්, සෞදිආරාබිය, තුර්කිය යන රටවල් නියෝජනය කරමින් තානාපති නිළධාරීහු එක්ව සිටියහ.

 

Post Views: 12
Previous Post

තේරීම් කාරක සභාව අදත් මාධ්‍යට විවෘතයි

Next Post

අවුරුදු හතරක්ම කළේ රාජපක්ෂ හමට තඩිබෑ එකයි – කෙහෙලිය කියයි

editor

editor

Next Post

අවුරුදු හතරක්ම කළේ රාජපක්ෂ හමට තඩිබෑ එකයි - කෙහෙලිය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved