27 April 2024
#දේශීය

තේරීම් කාරක සභාව අදත් මාධ්‍යට විවෘතයි

අප්‍රේල් 21 වනදා සිදු වු ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (13) දින පස්වරු 3.30 යළි රැස්වෙයි.

පාර්ලිමේන්තුවේ කලහාකාරි ලෙස හැසිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ පාර්ලිමේන්තු කමිටු වාර්තාව හෙට දිනයේදී කාතානායකවරයාට භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති බව වුාර්තා වන නමුත් එය අද දිනයේදීද මාධ්‍යයට විවෘත කර ඇත.

ඉහත එකඟතාවය ඇති කර ගෙන ඇත්තේ කාරක සභාවේ වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රමුඛ සාමාජිකයන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

පාස්කු ප්‍රහාරයට දිගින් දිගටම චෝදනා එල්ල වී ඇති හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා පැමිණ සාක්කි දෙන තෙක් පාර්ලිමේන්තු කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව රජයේ ස්ථාවරය වි තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *