• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංගමය “ශ්‍රී ලංකා චීන මිතුරුදම” ග්‍රන්ථය එළිදක්වයි

19 May 2024
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංගමය “ශ්‍රී ලංකා චීන මිතුරුදම” ග්‍රන්ථය එළිදක්වයි

ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමය (SLCFA ) විසින් “ශ්‍රී ලංකා චීන මිතුදම” සිංහල බසින් ලියැවුණු ග්‍රන්ථය සාඩම්බරයෙන් එළිදැක්වූයේ පසුගියදා සිදු විය.

මෙම එළිදැක්වීම ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙම උත්සවයේ ප්‍රධාන කථිකයා වශයෙන්ද සහ ගෞරවනීය ආරාධිත අමුත්තා වූ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොංග් (Qi Zhenhong) මහතා ද සහභාගි විය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන සබඳතාව සවිමත් කරන ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ සභාපති නීතිඥ ආනන්ද ගුණතිලක මහතා මෙම උත්සවයේ මුලසුන දැරීය.

ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් 1950 සැප්තැම්බර් 21 වන දින “ලංකා-චීන මිත්‍රත්ව සංගමය” ලෙස මුලින් ආරම්භ කරන ලද මෙම සංගමය, අනොන්‍ය ජාතීන් හා ජනතාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පෝෂණය කිරීමේ පුරෝගාමී සංගමයකි. සංගමයේ ප්‍රථම සභාපතිනිය වූයේ වත්මන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මව වන කුසුමා ගුණවර්ධන මහත්මියයි.

ඓතිහාසික සබඳතා, බෞද්ධ සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, සාහිත්‍ය, ආර්ථික හා සංස්කෘතික සහයෝගීතාව, චීන ආහාරපාන, එල්ටීටීඊය පරාජය කළ යුද්ධයේදී චීනයේ භූමිකාව සහ සහයෝගය, මාධ්‍ය, මුද්දර, ඡායාරූපකරණය සහ තවත් දේ ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ඇතුළත් ග්‍රන්ථයේ පොහොසත් අන්තර්ගතය ගුණතිලක මහතා සිය පිළිගැනීමේ කතාවේදී හඳුන්වා දුන්නේය.

ග්‍රන්ථය සදහා ඉතා වටිනා ලිපි ඉදිරිපත් කළ කතුවරුන්ට කෘතඥතාව පළ කළ ඔහු ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අඛණ්ඩ සහයෝගය අගය කළේය.

කරු ජයසූරිය මහතා සිය ප්‍රධාන දේශනයේදී 1952 දී දෙරටේ නායකයන් විසින් අත්සන් කළ රබර් සහ සහල් ගිවිසුමේ වැදගත්කම අවධාරණය කරමින් එම ගිවිසුම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ගැඹුරු මිත්‍රත්වය තහවුරු කිරීමේ කාර්යභාරයට දායක වූ ආකාරය අවධාරණය කළේය. දෙරට අතර මිනිසුන් අතර සබඳතාවයන් පෝෂණය කිරීම සඳහා දශක හතක් පුරාවට ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමයේ කැපවීම පිළිබඳව හෙතෙම ප්‍රශංසා කළේය.

ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමය සභාපති ගුණතිලක මහතා විසින් “ශ්‍රී ලංකා චීන මිතුදම” ග්‍රන්ථයේ මුල් පිටපත් ගරු කරු ජයසූරිය සහ අතිගරු චී ෂෙන්හොංග් යන මහත්වරුන්ට නිල වශයෙන් පිළිගැනීවීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය ජී. වීරසිංහ, ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමයේ විධායක උප සභාපති අරුණ ගුණතිලක මහතා; අනෙකුත් උප සභාපතිවරුන් වන තිලක් බොතේජු, දයා ලංකාපුර සහ ප්‍රේමදර දිසානායක යන මහත්වරුන්ද, ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමයේ නිලධාරී මණ්ඩලය සහ විවිධ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින කළ්‍යාන මිත්‍රත්වයේ අමතක නොවන සැමරුම ලෙස මෙම අවස්ථාව සනිටුහන් කරමින් සහභාගි වූ සියලුම දෙනාට “ශ්‍රී ලංකා චීන මිතුදම” කෘතියේ පිටපතක් තිළිණ කරන ලදී.

උපුල් ජනක

Post Views: 21,915
Previous Post

බලපිටිය කෘත්‍රීම අත් පා සැකසීමේ මධ්‍යස්ථානය විවෘත කෙරේ

Next Post

ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත ගුවන් තොටුපළේදී අධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් පිළිගනී

editor ttvnews

editor ttvnews

Next Post
ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත ගුවන් තොටුපළේදී අධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් පිළිගනී

ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත ගුවන් තොටුපළේදී අධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් පිළිගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved