• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංගමයට සුඛෝපභෝගී නවීන බස්රථ එක් වෙයි

3 June 2019
in සංවර්ධන

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය වැඩි කරමින් වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස්රථ 68ක් එක්ව තිබේ. එහි පළමු පියවර යටතේ චීනයේ Xiamen Kinglong United Automotive Industry සමාගමෙන් ඇණවුම් කළ කින්ග් ලෝන්ග් (Kinglong) සුඛෝපභෝගී නවීන බස්රථ නවය එම සමාගම විසින් මේ වන විට සම්පූර්ණයෙන්ම නිමවා තිබේ.

එම බස්රථ ලබන බදාදා චීනයේ මෙරටට නැව්ගත කිරීමටද නියමිතව ඇත. එක් බස්රථයක වටිනාකම රුපියල් මිලියන 17.1කි.

මීට පෙර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ගෙන් වූයේ ලොරි චැසි යොදාගෙන සකස් කළ බස් රථයි. පොදු ප්‍රවාහන සේවාවක් ලෙස ශ්‍රී ලංගම ඉදිරියට ගෙන යාමට නම් එම ලොරි චැසි බස්රථ වෙනුවට සුඛෝපභෝගී වායුසමීකරණය කළ නවීන බස්රථ අත්‍යවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යාංශයේ දැක්ම වේ. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංගම බස්රථවලට පිරිවිතර හඳුන්වා දීමට දැනටමත් විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මූලිකත්වයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ශ්‍රී ලංගම බස් ඇණියට වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස්රථ 68ක් එක් කිරීම කඩිනම් කිරීමද එම ව්‍යාපෘතියේම එක් පියවරක් වේ. එහි පළමු අදියර යටතේ ගෙන්වූ කින්ග් ලෝන්ග් බස් රථ නවය ඩිපෝ හයකට බෙදා දෙයි. ඒ මහරගම, මධ්‍යම බස් නැවතුම් කාර්යාල, සහ කටුබැද්ද සුඛෝපභෝගී බස්රථ ඩිපෝවට දෙක බැගින් සහ පොලොන්නරුව, මාවනැල්ල සහ මාතලේ ඩිපෝවලට එකක් බැගිනි.

චීනයෙන් ආනයන කරන කිංග්ලෝන්ග් බස්රථවල මාදිලිය වන්නේ XMQ 6127 CY වේ. එහි ආසන සංඛ්‍යාව 51කි. එම බස්රථ නිපදවන Xiamen Kinglong United Automotive Industry සමාගම යනු දැනට අප්‍රිකා, යුරෝපය සහ බටහිර රටවල් ඇතුළු රටවල් 150 අධික ප්‍රමාණයක් සදහා වාර්ෂිකව වැඩිම බස් රථ අපනයන කරන එකම චීන සමාගමයි. චීනයේ අංක එකේ වැඩිම බස් රථ අපනයන හිමි සහ ලෝකයේ තුන්වැනියට වැඩියෙන්ම විකිණෙන බස් වර්ගය වන Longwin II (XMQ6127) සුඛෝපභෝගී බස් රථ නිෂ්පාදනය කරන්නේද මෙම සමාගම විසිනි. එම සමාගමෙන් ඇණුවුම් කළ බස්රථ නවය එක් එක් ඩිපෝ මඟින් සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා මිලදී ගැනීමද විශේෂත්වයක් වේ.

Post Views: 21
Previous Post

උපවාසය නතර කළ රතන හිමි රෝහල් ගත කරයි

Next Post

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරු තනතුරුවලින් ඉවත් වෙයි

editor

editor

Next Post

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරු තනතුරුවලින් ඉවත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved