• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

‘‘ශිල්ප සුරක්ෂා’’ නමින් නව රක්ෂණාවරණයක්

23 January 2019
in සංවර්ධන

හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පළමුු වරට ‘‘ශිල්ප සුරක්ෂා’’ නමින් රක්ෂණ යෝජනා ක‍්‍රමයක් ජාතික ශිල්ප සභාව විසින් හඳුන්වා දී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

මෙම රක්ෂණ ක‍්‍රමය 2019 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වන අතර, මෙහි පළමු අදියරේදී හස්ත කර්මාන්ත ශිල්පීන් පන්දහසක පිරිසකට රක්ෂාවරණය පිරිනැමීමට නියමිත අතර, 2019 වසරේදී ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 70කි.

මේ වන විට දිවයින පුරා හස්ත කර්මාන්ත ශිල්පීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සිටිති. ඉන් විසි අට දහසක් පමණ ජාතික ශිල්ප සභාවේ හස්ත කර්මාන්ත ශිල්පීන් ලෙස ලියාපදිංචිව සිටිති. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ භාර අරමුදල, පීපල්ස් ඉන්ෂුවරන්ස් ලිමිඩඞ් යන ආයතනවලින් මෙම රක්ෂණාවරණ ලබා දීමට කටයුතු යෝජනා වී ඇතැයි අමාත්‍ය බදියුදීන් මහතා පවසයි.

‘‘ශිල්ප සුරක්ෂා’’ රක්ෂණාවරණය ලබා ගන්නා හස්ත කර්මාන්ත ශිල්පීන්ට හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම, ශරීර අංග අහිමිවීම, පූර්ණ අකර්මන්‍යතාවයට පත්වීම යන හේතුන් සඳහා රුපියල් ලක්ෂ පහක් බැගින් වූ වන්දියක්ද, ස්වභාවික මරණයකදී අවමංගල වියදම් ලෙස රුපියල් ලක්ෂයක්, රෝහල්ගතවීමකදී දිනකට රුපියල් 2,500 බැගින්, දින 10ක් සඳහා ද, විශේෂ රෝග හතලිහක් සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක්ද, ඇතුළු තවත් රෝග සහ අනතුරු රැුසක් සඳහා රක්ෂණ වන්දි දීමට කටයුතු යොදා ඇත.
හස්ත කර්මාන්ත ශිල්පීන් තම වෘත්තීයේ නියැළීමේදී සිදුවිය හැකි අනතුරු අවධානම කළමණාකරනය කිරීමත් දේශීය සහ විදේශ වෙළෙඳපොළ වෙත නිෂ්පාදන සපයන හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ වෘත්තීය සුරක්ෂිත කිරීම සඳහා මෙම රක්ෂණාවරණය හඳුන්වා දීමට පියවර ගන්නා බව අමාත්‍ය බදියුදීන් මහතා පවසයි. ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචිවී නොමැති හස්ත කර්මාන්ත ශිල්පීන්ට ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචිය ලබා ගන්නා ලෙසත්, එමගින් රජයෙන් ලැබෙන ප‍්‍රතිලාභ ලබා ගන්නා ලෙසටත්, රටේ ජීවනාලිය බඳු හස්ත කර්මාන්ත ශිල්පීන්ට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අරාධනා කරයි.

 

Post Views: 7
Previous Post

සූර්ය, සුළං මෙන්ම යෝජිත වායු බලාගාර පිළිබදව කොරියානු රජයේ විශේෂ අවධානය

Next Post

කුණු කන්දට සිදු වූ දේ රටට වෙන්න ඉඩ දෙන්නේ නෑ – අගමැති

editor

editor

Next Post

කුණු කන්දට සිදු වූ දේ රටට වෙන්න ඉඩ දෙන්නේ නෑ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved