• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජිත්ට විපක්ෂනායක අසුන සුදානම්… ආණ්ඩු පක්ෂයේ තනතුරු දන්වන්න – කථානායක

23 December 2019
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

එලඹෙන 2020 ජනවාරී මස 03 දින 08 වන පාර්ලිමේන්තුවේ 04 වන සභාවාරය ආරම්භ වීම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කිරීමට නියමිත බව කථානායක කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද (23) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්විනි.

මෙහිදී සාකච්ඡා වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප.ව 12.30 ට පක්ෂ නායක රැස්වීමක් කැදවීමට නියමිත අතර, එහිදී, 2020 ජනවාරී 07 දින සිට සභාවේ කටයුතු සිදුවන ආකාරය පිළිබද අවධානය යොමු කිරීම‍ට තීරණය වු බවයි. එසේම ජනවාරී මස 03 දින ප.ව 01.00 සිට ප.ව 06.00 දක්වා පාර්ලිමේන්තුව යලි රැස්වීමට අද දින පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කෙරුණු අතර, එහිදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීම සහ කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් නිවේදනය කිරීම, මුලාසනයේ වෙනත් නිවේදන ඉදිරිපත් කිරීම අනුපිලිවෙලින් සිදු කිරිමට තීරණය කර ඇති බවයි.

ජනවාරී 03 දිනට පෙර පාර්ලිමේන්තුවේ සභානායක ධූරය හා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයද තමාවෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස අද දින කථානායකවරයා රජය නියෝජනය කරමින් පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ නියෝජිතයන්ට දැනුම් දෙනු ලැබීය.

එසේම අද දින පක්ෂ නායක රැස්වීමේ දී පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැතිණි. එය මෙතෙක් අනුගමනය කල පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව පොදුවේ පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය විය. මේ පිළිබදව පොලිස්පතිවරයා ඇතුළු අදාල නිළධාරීන් කථානායකවරයා වෙත කැදවා දැනුවත් කිරීමට පියවර ගැනීමට තීරණය විය. එම අත්අඩංගුවට ගැනීමේ දී සිදුව ඇති ක්‍රියාවලිය පිළිබදව පොලිස් කොමිසන් සභාවේ අවධානය යොමු කිරීමට ද පක්ෂ නායකරැස්වීමේ දී තීරණය කළ බව කථානායක කාර්යාලය පවසයි.

මෙම රැස්වීම සඳහා කථානායකවරයා, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන,මහින්ද අමරවීර,ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු හා සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, රවි කරුණානායක, අජීත් පී පෙරේරා, මනෝ ගනේෂන් ,නිරෝෂන් පෙරේරා යන මහත්වරු ද එක් වුහ.

දිලිනි සමන්මලි

Post Views: 24
Previous Post

විපතට පත් වුවන් බලන්න ජනපති නිරික්ෂණ චාරිකාවක 

Next Post

ගත වූ පැය 24 තුළ ජල විදුලිය උත්පාදනය සියයට 68.34ක් දක්වා ඉහළට

editor

editor

Next Post

ගත වූ පැය 24 තුළ ජල විදුලිය උත්පාදනය සියයට 68.34ක් දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved