27 July 2024
#සංවර්ධන

ගත වූ පැය 24 තුළ ජල විදුලිය උත්පාදනය සියයට 68.34ක් දක්වා ඉහළට

ගත වූ පැය විසි හතරක කාලය තුළ ජලය මගින් විදුලිය උත්පාදනය කිරීම සියයට 68.34ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන් විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශ සියල්ලම ජලධාරිතාවය සමස්තයක් ලෙස සියයට 94.55 ඉක්මවා පිරීගොස් තිබෙන බවය.

ඒ අනුව කාසල්රී ජලාශය සියයට 92.7ක්, මාවුස්සාකැලේ සියයට 92.8ක්, කොත්මලේ සියයට 89.8ක්, රන්දෙනිගල සියයට 93.6ක් හා සමනල වැව සියයට 100ක් වශයෙන් පිරී ගොස් ඇත.

එමෙන්ම 2019.12. 22 දින විදුලිබල පද්ධති දෛනික වාර්තාව අනුව ජලවිදුලිය මගින් උත්පාදනය කර ඇති විදුලි බලශක්ති ප්‍රමාණය සියයට 68.34ක් වේ. ඒ හැර තාප විදුලිය සියයට 29.13ක් ද, සූර්ය බලයෙන් සියයට 0.38ක්ද, සුළං බලයෙන් සියයට 1.5ක් ද විදුලිය නිෂ්පාදනය කර තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *