• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සටන් විරාමය … ! රනිල්ගේ තීරණය ..! එජාපයේ ජනපති අපේක්ෂකත්වය ?

4 September 2019
in දේශීය

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපති අපේක්ෂත්වය සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නියමිත අපේක්ෂකයා සම්බන්ධයෙන් පල වන්නේ විවිධ අදහස්ය. ඒ එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කථානායක කරු ජයසුරිය මෙන්ම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයි.

මේ අතර මොවුන් තිදෙනා සම්බන්ධව විවිධ අදහස් පිළිබඳ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබේ. කෙසේ වෙතත් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයට දිනන්න පුළුවන් පුද්ගලයෙකු පත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ සියළු දෙනා පවසා සිටි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් එජාපයේ නායකත්වයට පවා අභියෝග කරමින් කියා සිටියේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කල යුතු බවයි. මේ වන විට පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ඇමැතිවරුන්ගේ ද අදහස මේ වන විට සජිත්ව ජනධිපති අපේක්ෂක්වයට ගෙන ආ යුතු බවයි.

තත්ත්වය මෙසේ තිබියදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනේ නිල සංචාරකට යන්නේ ද පක්ෂයේ පවතින මතවාදි අදහස්වලට විරාමයක් තබමින්. යලි දිවයිනට පැමිණි වහාම ජනාධිපති අපේක්ෂකත්වය හා සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට අමාත්‍ය ධුරය දරන රනිල්ට එරෙහිව නැඟි සිටින අයෙකු කියා සිටින්නේ ” රනිල් ලංකාවට ඇවිල්ලා සජිත්ව ජනපති අපේක්ෂකත්වයට නම් නොකලොත් අපි අනිවාර්යෙන්ම ස්වාධිනව අපේක්ෂකයෙකු වශයෙන් සජිත්ව ජනපති සටනට යොමු කරන බවයි “

මේ අතර රටේ පවතින ජනතා ප්‍රසාදය සමඟ සජිත් ජනපති අපේක්ෂකයා නොකළොත් එජාපය අවසන් බව ඇතැමුන් විසින් පවසා සිටි.

රටේ ජනාධිපතිවරණයක් කැඳවා නොමැති අවස්ථාවක දී ජනධිපති අපේක්ෂකයා යැයි බෝඩ් ගසමින් සිටින්නේ මන්ද යන්න ගැටළුවක් බවත්, මෙවැනි අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා නම් නොකරන්නේ නම් දේශපාලනීක වශයෙන් කුමන හෝ තීරණයක් ගැනීමට ද යන්න පිළිබඳ අවිනිෂ්චිත බව දේශපාලන විචාරකයින් විසින් කියා සිටියේය.

රනිල් කියන්නේම ඉතා සුක්ෂම ගේම් කාරයෙක් බව ඇතැම් දේශපාලන විචාරකයින් පවසා සිටි. මහින්දට ජනාධිපති පුටුවෙන් ඉවත් කිරීමට, වසර දෙකක තිබියදී පවා ජනාධිපතිවරණයක් කැඳවා ජනාධිපති පුටුවෙන් ඉවත්ව විරකැටිය ගෙදර ජනෙලයේ එල්ලී ජනතාව ඇමතීමට පවා පත් කළේද රනිල් වික්‍රමසිංහ බව කවුරුත් දන්නා දෙයකි.

මෛත්‍රිපාල සිරිසේනට පවා මේ වන විට අත්ව ඇත්තේ එවන් ගේමක කොටසක් බවත් රනිල් නම් පුද්ගලයා දේශපාලනික වශයෙන් සුක්ෂම ගේම් කාරයෙකු බව මෙරට මෙන්ම විදේශිය දේශපාලඥයින් පවා දන්නා ප්‍රසිද්ධ රහසකි.

රනිල් කියන්නෙ ප්‍රතිවාදියාව ඇඟට පතට නොදැන බිත්තියට හේත්තු කරමින් තමන්ගේ වාසියට යොදවා ගැනීමට තරම් සුක්ෂම පුද්ගලයෙකි. විදේශයෙන් රනිල් කාටවත් රිද්දන්නේ නැතිව තමන්ගේ වැඩ කර ගැනීමට දක්ෂයෙකි.

බොහෝ විට එජාපයේ ජනාදිපති අපෙක්ෂකත්වය බලාපොරොත්තු වන සජිත් වුවත් හෙට දිනයේදී රනිල් දිනවමු වේදිකාවේ දැකිය හැකිවනු ඇත. එය රනිල්ගේ තීරනය අනුව වෙනස් වූවහොත් මිස වෙන කිසිවකුගේ තීරනයක් නොවේ.

 

Post Views: 9
Previous Post

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් කැප වී සිටින බව අගමැති

Next Post

සිය කැමැත්තෙන්ම හා නොදැනුවත්කමින් ලක්ෂ5ක් ජාතික හැඳුනුම්පත මගහැර සිටින බව හෙළිවෙයි

editor

editor

Next Post

සිය කැමැත්තෙන්ම හා නොදැනුවත්කමින් ලක්ෂ5ක් ජාතික හැඳුනුම්පත මගහැර සිටින බව හෙළිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved