• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සන්ධානයක් නැතිව එජාපයට තනියෙන් දිනන්න බෑ – ඇමැති අර්ජුන

5 August 2019
in දේශීය

ඉදිරි ජනාධිපතිරවරණයට තනි පක්ෂයක් ලෙසට ඉදිරිපත් වී ජයග්‍ර‍හණය කළ හැකියැයි එක්සත් ජාතික පක්ෂය සිතන්නේ නම් එය ලොකු මුලාවක් බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) අත්තනගල්ල මන්දාරා ශ්‍ර‍වණාගාරයේදී පැවැති මව්රට ජාතික ව්‍යාපාරයේ වාර්ෂික සමුළුවට එක් වෙමිනි. ජාතික දේශපාලනයට බලපෑම් කරන නව පුරවැසි පෙරමුණක් ලෙසට සහ නව ජාතික දේශපාලන ව්‍යාපාරයක් ලෙසට මව්රට ජාතික ව්‍යාපාරය දියත් කෙරේ.

අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන ප්‍ර‍ශ්න ඒ පක්ෂයම විසදගන්න ඕනෑ බවයි. එසේ මෙම සන්ධානය සම්බන්ධයෙන් වසර දෙකක කාලයක් තිස්සේ සියළුම නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වු බව අමාත්‍යවරයා අනාවරණ කළේය. ඒයට සජිත්, රවි, මංගල, කබීර්, මලීක් වගේ හැම කෙනාම එක්ක තමයි මේ ගැන සාකච්ඡා පැවැත්වුවේ.

එය ඉදිරියට ඇවිල්ලා අන්තිම ටික තමයි තියෙන්නේ නමුත් හැමදාම එක්සත් ජාතික පක්ෂය කලබල වෙනවා ඡන්දයක් එනකොට බව හෙතෙම පැවසයි. නායකයෝ වැඩිවන නමුත් එක්සත් ජාතික පක්ෂය හිතනවනම් ඔවුනට තනියම ඉල්ලලා දිනන්න පුළුවන් කියලා ඉතිං ඒක කළාට අපිට ප්‍රශ්ණයක් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” පසුගිය ජනාධිපතිවරණයේදී අපි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග චන්ද්‍රිකා මැතිනිය, දුමින්ද, අපි චම්පිකලා, රාජිතලා සියල්ලම එකතුවෙලා එලියට බැස්සේ පැවැති පාලනය වෙනස් කරන්න. එහෙම කරලත් අපි ඉතාමත් සුළු චන්ද ප්‍ර‍මාණයකින් දිනුවේ. හැබැයි එක්සත් ජාතික පක්ෂය හිතනවනම් ඒ අයට තනිවම දිනන්න පුළුවන් කියලා මං පුද්ගලිකව හිතනවා අපි පැත්කකට වෙලා එක්සත් ජාතික පක්ෂයට දිනන්න දිලා ඉන්න ඕන කියලා. එකයි මගේ පුද්ගලික මතය. මං සමහර වෙලාවට ඒ වගේ තීරණයකට යන්න පුළුවන් ඉස්සරහට. ඒකොහොම වුණත් මම නැවත කියන්නේ එක්සත් ජාතික පක්ෂය මේ සන්ධානය එක්ක එකට එකතුවෙලා ගියොත් මේ ඡන්දය දිනන්න පුළුවන්. එහෙම නැත්නම් මං වගකීමකින් කියන්නේ, සන්ධානයේ ඉන්න අනිත් පක්ෂටික නැතුව එක්සත් ජාතික පක්ෂය දිනන්න පුළුවන් කියලා හිතනවනම් මං හිතන්නේ ඒක ලොකු මුලාවක්. එහෙම කරනවනම් ඒකේ වගකීම ඔය කෑගහන හ්‍රුගදෙනෙක් ගන්න ඕන. පැරදුනොත් මේ රටේ ඉන්න එක්සත් ජාකික පාක්ෂිකයෝ සියලුදෙනාටම එගොල්ලෝ වග කියන්න ඕන….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

 

Post Views: 9
Previous Post

එජාපයේ සන්ධාන ගිවිසුම කල් දමයි

Next Post

කිර්ති , මෛත්‍රි පුටු මාරු වු – ආණ්ඩුකාරවරු 3 ක් දිවුරුම් දෙයි

editor

editor

Next Post

කිර්ති , මෛත්‍රි පුටු මාරු වු - ආණ්ඩුකාරවරු 3 ක් දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved