• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමහර නායකයින් එජාප අතකොලූුවෙලා -ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

17 July 2019
in දේශීය

එජාප විරෝධී පුළුල් බලවේගයක් ලෙසින් රට ගොඩනගන නායකයෙක් ජයග‍්‍රහණය කරවීම උදෙසා එක්වන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයින්ගෙන් ඉල්ලයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සෑම අවස්ථාවකදීම එක්සත් ජාතික පක්ෂ වීරෝධි කදවුරේ සිිටි නමුත් මේ වනවිට එම පක්ෂ වල නායකයින් එජාප අතකොළු බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද(17) පෙරවරුවේ කොළඹදී පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

නමුත් බිම් මට්ටමේ පාක්ෂිකයින් තවදුරටත් එජාප විරෝධි කදවුරේ සිටින බව ඉතාමත් හොදින් පැහැදිලි වන අතර ඉදිරි මැතිවරණ වලදී ප‍්‍රබලතම ජනතා බලවේගය වන පොදුජන පෙරමුණ එම පාක්ෂිකයින්ට පැහැදිලි නායකත්වයක් ලබාදෙනු ඇති බව ප්‍රනාන්දු මහතා පැවසිය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් නායකයින්ගේ ක‍්‍රියාකලාපය පක්ෂ දෙක අතර සාකච්ඡා සාර්ථක නොවීමට හේතුවක් වී ඇතැයි පෙන්වා දෙන ඒ මහතා මේ වන විට ගම් මට්ටමේ නිදහස් පාක්ෂිකයින් එකම එජාප විරෝධී බලවේගය වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක් වෙමින් සිටින බව අවධාරණය කලේය.

මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම්මට්ටමේ ඡන්ද දායකයින් විශාල වශයෙන් පොදුජන පෙරමුණ වටා එකතු වීමයි. එවන් අවස්ථාවකදී නිදහස් පක්ෂයට ඇති ගෞරවණීයම තීන්දුව වන්නේ පොදුජන පෙරමුණු දේශපාලන ප‍්‍රවාහයට එක් වීම බවත් එලෙස එකතුවීමට සිටින පාර්ශවයන් වෙන් කිරීමට උත්සහ දැරීම ජාතික අපරාධයක් බවත් අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් කලේය.

 

Post Views: 12
Previous Post

SLIIT ආයතනයේ අති නවීන පර්යේෂණ සඳහා රුපියල් මිලියන 125ක ප‍්‍රදානයක්

Next Post

නිලධාරින් තීන්දු ගන්නා කාලය අනුව අපි අසරණ වෙනවා – ඇමැති රවි

editor

editor

Next Post

නිලධාරින් තීන්දු ගන්නා කාලය අනුව අපි අසරණ වෙනවා - ඇමැති රවි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved