• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සහල් තොග මිල , උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නැහැ – පාරිභෝගික අධිකාරිය

14 March 2025
in දේශීය, පුවත්
සහල් තොග මිල , උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නැහැ – පාරිභෝගික අධිකාරිය

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් සහල් සදහා නිකුත් කර ඇති මිල ගනන් වෙනස්කර ඇති බවට සිල්ලර වෙළදුන්ට ප්‍රකාශකරමින් සහල් වැඩි මිලට අලෙවිකිරීම සදහා සමහර වී මෝල් හිමියන් සහ තොග වෙළදුන් කටයුතු කරන බවට තොරතුරු ලැබෙමින් පවතින බව පාරිභෝගික අධිකාරිය  විසින් පවසා සිටියි.

ඒ අනුව සහල් පාලන මිල ඉවත්කර තිබේද යන්න සම්බන්ධව සිල්ලර වෙළදුන් විසින් අවස්ථා ගණනාවකදීම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් විමසීම් සිදු කර තිබේ.

අධිකාරිය මගින් සහල් සදහා ගැසට් මගින් පනවා ඇති තොග මිල , උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බවත් දන්වා සිටින අතර , ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220.00 ක් , නාඩු සහල් උපරිම සිල්ලර මිල රුපියල් 230.00 ක් , සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 240.00 ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260.00 ක් විය යුතුය. එම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩවම වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබේ.

ඒ අනුව මෙම වසරේ මාර්තු 12 වන දින දක්වා වෙළදසැල් 5500 කට වැඩි ප්‍රමාණයක විමර්ශන සිදුකර ඇති අතර එහිදී වැරදි කරන ලද වෙළදුන් 4070 ක් සදහා නීතිමය පියවර ගෙන ඇත .එමෙන්ම එම වැරදි කරන ලද වෙළදුන් අතරින් සහල් සම්බන්ධව වෙළදුන් 1555 කට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

සහල් වැඩි මිලට අලෙවිකළ වෙළදුන් 462 ක්, මිල ප්‍රදර්ශනය නොකළ වෙළදුන් 1004 ක් මෙන්ම සහල් සගවාතබන ලද සහ විකිණීම ප්‍රතික්ෂේප කරන ලද වෙළදුන් 89 ක් ද ඒ අතර වේ. මෙම වසරේ මාර්තු 12 දින දක්වා වෙලදුන් 4122 ක් සදහා නඩු පැවරීම් සිදුකර ඇති අතර ඒ සදහා අධිකරණ මගින් නියමකර ඇති දඩ මුදල රුපියල් මිලියන 61 කි .

එමෙන්ම කීරි සමිබා සහ සමිබා සහල් සමිබන්ධව වැඩි අවධානයක් යොමුකරමින් මෙම වැටලීම් තවදුරටත් දිවයින පුරා අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව ද එම අධිකාරිය පවසා සිටියි.

 

Post Views: 53
Previous Post

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

Next Post

ආරක්ෂාව සම්බන්ධ ගැටලු නිසා ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවතට

Editor TTV News

Editor TTV News

Next Post
ආරක්ෂාව සම්බන්ධ ගැටලු නිසා ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවතට

ආරක්ෂාව සම්බන්ධ ගැටලු නිසා ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved