• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සැහැල්ලු දුම්රිය පද්ධතිය ඇරඹීය මෙරට ගත් වැදගත් පියවරක් බව අගමැති කියයි

5 July 2019
in සංවර්ධන

කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතියේ වැඩ ඇරඹිම ශ්‍රී ලංකාව 21 වන සියවසේ නවීකරණය සඳහා ගත් වැදගත් පියවරක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව විවිධ අර්බූද හා ගැටළු මධ්‍යයේ රටේ නවීකරණය ආරම්භ කළ බවත්, එය තවත් ඉදිරියට ගෙන ගොස් රටට යහපත් අනාගතයක් උදාකරලීම සිය අරමුණ බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය (03) දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති මාලබේ – කොළඹ සැහැල්ලූ දුම්රිය මාර්ග සේවා සංක්‍රමණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී තවදුරත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ” කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතියේ වැඩසටහන ආරම්භ කිරීම ශ්‍රී ලංකාව 21 වන සියවසේ නවීකරණය සඳහා ගත් වැදගත් පියවරක් ලෙස හැදින්විය හැකියි. මෙහි පළමු දුම්රිය මාර්ගය ඉදි වන්නේ කොළඹ සිට මාලඹේ දක්වායි. මේ හරහා රටේ ප්‍රවාහන සේවයේ විශාල නවීකරණයක් සිදු වනවා. රටක් ලෙස ශ්‍රී ලංකාව නවීකරණය වීමට නම් රටේ සෑම අංශයක්ම නවීකරණය විය යුතුයි. අධ්‍යාපනය, සෞඛ්‍ය, වාණිජ, ප්‍රවාහන මෙන්ම යටිතල පහසුකම් ද සංවර්ධනය විය යුතුයි. අද අපි ආරම්භ කර තිබෙන්නේ එම වැඩසටහනයි. කොළඹ නගරය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ “වරාය නගර ව්‍යාපෘතිය” “තට්ටු නිවාස ව්‍යාපෘතිය” ඇතුළු සෑම ක්ෂේත්‍රයකම වැඩසටහන් පෙන්වා දිය හැකියි. අළුතින් ඉදිකිරීමට සූදානම් වන කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතිය හරහා කොළඹ සිට මාලඹේ දක්වා නව ප්‍රවාහණ පද්ධතියක් ඉදි වෙනවා. ඊට අමතරව කොළඹ නවීකරණය කිරීම සඳහා කොළඹ කොටුවේ බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කරනවා. කැළණියේ සිට කුළුණු මතින් දිවෙන එක් මාර්ගයක්, කොළඹ වරාය දක්වාත් අනෙක් මාර්ගය රාජගිරිය දක්වාත් ඉදි කරනවා. මේ ආකාරයට අළුත් මහ නගරයක බිහිවීම අපිට පෙනෙන්නට තිබෙනවා. මේ වැඩකටයුතු ක්‍රියාත්මක කළ පාඨලී චම්පික ඇමතිතුමාටත් ඔහුගේ කණ්ඩායමටත් ස්තුති වන්ත වෙනවා. අපි අවධානය යොමු කරන්නේ අනාගතයටයි. රට දියුණු වන්නේ එවිටයි. අපි එක තැන නතර වී අනාගතය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා සිටිනවා නම් පිරිහීමට ලක් වෙනවා. අපේ රජය පසුගිය වසර 05 තුල ඉතා අපහසුවෙන් ගැටළු අර්බූද මැද රටේ නවීකරණය ආරම්භකර තිබෙනවා. එය තවත් ඉදිරියට ගෙන යා යුතු ” යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ, ශ්‍රී ලංකාවේ සිටින ජපාන තානාපති අකිරා සුගියාමා, ව්‍යාපෘති අධ්‍යක්‍ෂ චමින්ද ආරියදාස, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීහුද, ජයිකා (JAICA) ආයතනයේ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

Post Views: 10
Previous Post

N-joy පිරිසිදු සුදු පොල්තෙල් නව රසවත් මුහුණුවරකින්

Next Post

දරුවා මෙන්ම රටේ අධ්‍යාපනයත් ස්මාර්ට් වෙන්න ඕන – අමාත්‍ය පී හැරිසන්

editor

editor

Next Post

දරුවා මෙන්ම රටේ අධ්‍යාපනයත් ස්මාර්ට් වෙන්න ඕන - අමාත්‍ය පී හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved