• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනැගීම තම අරමුණ බව – ජනපති

20 August 2022
in දේශීය

ලොව අනෙකුත් රටවල් ජයග්‍රහණ සමග දිනෙන් දින ඉදිරියට යද්දී අපේ රට පසුපසට ගමන් කළේ එකට වැඩ නොකළ නිසා බවත්, එම ඓතිහාසික වරද නිවැරදි කර ගනිමින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (20) ඓතිහාසික අනුරාධපුර පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා අද පස්වරුවේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ අතරදිය.
සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ නායක හිමියෝ රජයේ ඉදිරි වැඩපිළිවෙළට සිය ආශිර්වාදය පළ කළහ.

රටේ විනය ගොඩනැගීම පළමු කාර්ය බව පෙන්වා දුන් නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ විනයක් නැති රටක් කිසිදා ඉදිරියට ගමන් නොකරන බව සදහන් කළහ. පාසල් දරුවන්ට මෙන්ම ගුරුවරුන්ට ද විනයක් තිබිය යුතු බවත්, සමාජයේ ඉහළ ගෞරවයකට ලක්ව සිටි ගුරුවරයා උද්ඝෝෂන කිරීමට පටන් ගැනීමත් සමග ගුරු වෘත්තියේ විනය ද විනාශ වී ගිය බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

පසුගිය සිදුවීම් සමග සමාජය තුළ පිරිහී ගිය විනය නැවත ඇති කිරීමට කටයුතු කිරීම පිළිබඳ උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත ප්‍රශංසාව පළ කළහ.

රට දියුණු කෙරෙන සාමුහික වැඩපිළිවෙළක් පිළිබඳ සියලු ජනතාව අපේක්ෂා සහගතව බලා සිටින බවත්, එම වගකීම ඉටු කිරීමට නොපමාව නායකත්වය ගන්නා ලෙසත් ජේතවනාරාම විහාරාධිපති අතිපූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජේතවනාරාම විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිපති අතිපූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නායක ස්වාමීන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

එකමුතුව වැඩ කර ජනතා ප්‍රශ්න විසදීමේ ජනාධිපතිවරයාගේ උත්සාහය අගය කළ උන්වහන්සේ ගොවි ජනතාවගේ අවශ්‍යතා ඉටුකරමින් ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියහ.

අනතුරුව අභයගිරිය රාජමහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ද සුව දුක් විමසීය.

ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය නැංවීම සඳහා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බව උන්වහන්සේ සමග පැවසූ ජනාධිපතිවරයා අනුරාධපුර, පොළොන්නරුව සහ සීගිරය වැනි පෞරානික නගර ආශ්‍රිතව
සංචාරකයන් රඳවා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් කෙරෙහි අවධානය යොමුව ඇති බව පැවසීය.

අනතුරුව ඉසුරුමුණිය රාජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ජනාධිපතිවරයා රට භාරගත්තේ “දෙපසින්ම ඇවිලෙන පන්දමක් සේ” රට පැවති යුගයක බව සිහිපත් කළ උන්වහන්සේ එම ගිනි දැල් නිවා රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන බව සඳහන් කළහ.

ඉසුරුමුණිය පැරණි විහාර මන්දිරය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළ අතර ඉසුරුමුණිය පුද බිම වෙත පැමිණ සිටි දෙස්, විදෙස් සංචාරකයන්ගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කතා බහක නිරත විය.

අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති ශාස්ත්‍රපති, ත්‍රිපිටකවේදී පූජ්‍ය අටබාගේ විමලඥාන හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

Post Views: 4
Previous Post

බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීම ඇරඹෙයි

Next Post

ළමා මිතුරු මාධ්‍යය සංස්කෘතියක් රටට අවශ්‍යයි – ආණ්ඩුකාර ලලිත්

editor

editor

Next Post

ළමා මිතුරු මාධ්‍යය සංස්කෘතියක් රටට අවශ්‍යයි - ආණ්ඩුකාර ලලිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved