• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියළුම වෛද්‍යවරුන් සදහා නිල නිවාස ඉදිකිරීමට කැබිනට් අනුමැතිය – ඇමැති රාජිත කියයි

15 August 2019
in සංවර්ධන

සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව උතුරු පළාත් සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ අළුතින් ඉදිකරන ලද හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකක ගොඩනැගිල්ල විවෘත කිරීම සහ නව හෘද රෝග ප්‍රතිකාර සහ වෘක්කවේද ඒකකය සදහා මුල්ගල තැබිම ඊයේ (14) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

දෙවන සෞඛ්‍ය ආංශීය සංවර්ධන ව්‍යාපෘතියේ මූල්‍ය ආධාර මත හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය ඉදිකරන ලද අතර, ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා වැයකරන ලද මුදල රුපියල් මිලියන 130 කි. රුපියල් මිලියන 643 ක නෙදර්ලන්ත රජයේ සහන ණය ආධාර මත (ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා) වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෘද රෝග ප්‍රතිකාර සහ වෘක්කවේද ඒකකය ඉදිකිරීමට නියමිතය.

විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍ය නිළධාරින් සහ සියලුම වෛද්‍යවරුන් වෙත නිල නිවාස ලබාදීමේ වැඩපිලිවෙලට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේය. ඒ අනුව ඉදිරි මාස 09 ඇතුලත වෛද්‍යවරුන් වෙනුවෙන් නිල නිවාස 5000 ක් සාදා නිම කර ලබාදීමටයි සැළසුම් කර තිබෙන බව හෙතෙම පැවසිය. එම ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් හෙද කාර්ය මණ්ඩලයට සහ පරිපූරක වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙතත් නිල නිවාස ලබාදීම අරමුණ වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේදී , මුල්ගල් තැබුනු හෘද රෝග ප්‍රතිකාර සහ වෘක්කවේද ඒකකය මගින් උතුරේ රෝගීන් කොළඹට මාරු කර යවා ප්‍රතිකාර ලබාදීමේ පිලිවෙත වෙනස් කරන බව, අමාත්‍යවරයා සදහන් කළේ.

නෙදර්ලන්ත රජයේ සහයෝගය මත උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව සංවර්ධනය වෙනුවෙන් යූරෝ මිලියන 54.5 ක් (රුපියල් බිලියන 10 කට අධික මුදලක්) ආයෝජනය කිරීමට නියමිතයි. අනිද්දා මුල් ගල් තබන පේදුරුතුඩුව මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සදහා රුපියල් බිලියනයක ආයෝජනයක්, කිලිනොච්චි රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයට රුපියල් බිලියන 1.27 ක ආයෝජනයක් සහ මාන්කුලම් හි ඉදිකරන පළාත් පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙනුවෙන් රුපියල් බිලයන 1.3 ක ආයෝජනයක් සිදුකිරීමට නියමිතයි. මීට අමතරව උතුරු පළාත් සදහා අවශ්‍ය වන නවීන වෛද්‍ය උපකරණ වෙනුවෙන්රුපියල් මිලියන 4400 ක් වැය කිරීමට අපේක්ෂිතයි.

මෙම උත්සව අවස්ථාව සදහා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා, වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා, වවුනියාව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නන්දකුමාර මහතා,නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිනී Mrs. Eva van Woersem, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහනා, එන්. ශිවශක්ති ආනන්දන් මහතා, ශිවප්‍රගාසම් ශිවමෝහන්, කථාර් මස්තාන් මහතා, නෙදර්ලන්ත VAMED ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ Mr.Koen te Hinkelo, ශාඛා කළමණාකාර Mr. Miltos Denediotis මහතා ඇතුලු නියෝජිතයින්, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 26
Previous Post

වන්නී සංවර්ධනයට විශේෂ පියවර රැසක් ගන්නවා – අගමැති

Next Post

වසර 40 චීන ප‍්‍රතිසංස්කරණ පිළිබද ඡායාරූප ප‍්‍රදර්ශනය හා සම්මන්ත‍්‍රණය හෙට කොළඹදී

editor

editor

Next Post

වසර 40 චීන ප‍්‍රතිසංස්කරණ පිළිබද ඡායාරූප ප‍්‍රදර්ශනය හා සම්මන්ත‍්‍රණය හෙට කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved