• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය ලේකම්වරයා ත්‍රිකුණාමලය රජයේ රෝහල් වල සංවර්ධනය වෙනුවෙන් විශේෂ නිරීක්ෂණ චාරිකාවක

10 May 2024
in දේශීය, පුවත්, සංවර්ධන
සෞඛ්‍ය ලේකම්වරයා ත්‍රිකුණාමලය රජයේ රෝහල් වල සංවර්ධනය වෙනුවෙන් විශේෂ නිරීක්ෂණ චාරිකාවක

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල් වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දින (09) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදි පළමුවෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල නිරීක්ෂණයට ලක් කරන ලද අතර එම රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය, හදිසි අනතුරු ඒකකය, සි.ටී ස්කෑන් අංශය, රක්තවේද සායනය, රසායනාගාරය, විකලාංග ශල්‍ය වෛද්‍ය ඒකකය, හෘද රෝග ප්‍රතිකාර අංශය ඇතුළු ඒකක නිරීක්ෂණය කරන ලදී.

රෝහල නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් කාර්යමණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡාවකද ලේකම්වරයා ඇතුළු නිළධාරීන් කණ්ඩායම නිරත විය.

එහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 70ක මුදල් ප්‍රතිපාදන ද, රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා රුපියල් මිලියන 75ක මුදල් ප්‍රතිපාදන සහ වෛද්‍ය නිල නිවාස අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 50ක මුදල් ප්‍රතිපාදන ද ලබාදීමට සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදි නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලද අතර රෝහලට අවශ්‍ය හිඟ කාර්යමණ්ඩලය පියවීම සඳහා ඉදිරියේදි සෞඛ්‍ය සේවාවට බඳවා ගන්නා කාර්යමණ්ඩල වලින් යම්කිසි ප්‍රමාණයක් රෝහල අනුයුක්ත කිරීමට පියවර ගන්නා මෙන් උපදෙස් ලබාදෙන ලදි.

එමෙන්ම JAICA ව්‍යාපෘතිය හරහා රුපියල් මිලියන 1000ක වටිනාකමකින් යුත් හෘද රෝග ප්‍රතිකාර සඳහා භාවිතා කරන Cath Lab (කැත් ලැබ්) අංශයක් සහිත සය මහල් ගොඩනැගිල්ලක් දිස්ත්‍රික් මහ රෝහල තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් එහි මූලික වැඩකටයුතු කඩිනමින් ආරම්භ කර ඉදිකිරීම් කඩිනම් කරන ලෙසද සෞඛ්‍ය ලේකම්වරයා රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිරි මහත්මියට මෙහිදී උපදෙස් දෙන ලදී.

රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් පදවි ශ්‍රීපුර ප්‍රාදේශිය රෝහලේ ඉදි කරන ලද බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල විවෘත කිරීමද ඊයේ දින සිදුවිය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල යන මහත්වරුන්ද එම අවස්ථාවට එක් විය. මේ සඳහා මුදල් ප්‍රතිපාදන ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය විසින් ලබාදී ඇත.

කන්තලේ මූලික රෝහල විශේෂ නිරීක්ෂණයට ලක් කරමින් එම රෝහලේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා රුපියල් මිලියන 40ක මුදල් ප්‍රතිපාදන ද, රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා රුපියල් මිලියන 30ක මුදල් ප්‍රතිපාදන ද ලබාදීමට පියවර ගන්නා ලදී. එම මුදල් කඩිනමින් රෝහලට ලබාදීමට කටයුතු කරන මෙන් අදාළ නිළධාරීන් සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී උපදෙස් ලබාදුන් අතර රෝහල් කාර්යමණ්ඩලයේ හිඟය පියවීමට ඉදිරියේදි බඳවා ගන්නා කාර්යමණ්ඩල වලින් අවශ්‍යතාවය මත යම්කිසි පිරිසක් අනුයුක්ත කිරීමට කටයුතු කරන මෙන් උපදෙස් ලබාදෙන ලදී.

මෙම රෝහල් නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම රජයේ රෝහල් වල පවතින තත්වය හා එම රෝහල් සංවර්ධනය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්ද ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ලක්ෂ 5 කට ආසන්න ජනගහණයක් ජීවත්වන අතර එම ජනතාවට එක් මහ රෝහලකින් , මූළික රෝහල් හතරකින් , දිසා රෝහල් 14 කින්, ප්‍රාදේශීය රෝහල් 17 කින් , ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 12 කින් සුව සේවාව සපයනු ලබයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු) සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරුන් වන විශේෂඥ වෛද්‍ය එස්, ශ්‍රීධරන්, දිනිප්‍රිය හේරත්, ජනප්‍රිය කරුණාතිලක, අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න, වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, ත්‍රිකුණාමල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැදන්ගමුව යන මහත්වරුන්ද, රෝහල් අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පිරිසක්ද සහභාගී වූහ.

Post Views: 21,351
Previous Post

අපේ ජනාධිපති අපේක්ෂකයා ළඟදීම කියනවා – බැසිල් රාජපක්ෂ

Next Post

DIGIECON ගෝලීය ආයෝජන සමුළුව ජුනි 25 වනදා කොළඹදී –  තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක 

editor ttvnews

editor ttvnews

Next Post
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව ජුනි 25 වනදා කොළඹදී –  තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක 

DIGIECON ගෝලීය ආයෝජන සමුළුව ජුනි 25 වනදා කොළඹදී -  තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved