• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හකීම් වෙනුවෙන් පෙනී සිටිනවා – ඇමැතිනි තලතා 

21 September 2019
in දේශීය

රවුෆ් හකීම් ඇමතිතුමා කැබ්නට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩ කළැයි කිසිම පරීක්ෂණයක් තියන්න ඉඩ නොදෙන බවත් ඔහු වෙනුවෙන් පෙනි සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ඇය මෙම අදහස් පළ කළේ කොළඹ 07 ස්ටැන්මෝ ක්‍රසන්ට් මාවතේ පිහිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිල නිවසේ ඊයේ (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය “විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ගියා කියලා මාධ්‍ය හරහා විවිධ දේවල් කියා ගෙන යනවා.අපේ ස්ථාවරය කියන්න ඕන කියලා අපි හිතුවා.1994 ඉදලා චන්ද්‍රිකා මැතිණිය මහින්ද රාජපක්ෂ මහත්තයා අපි පත් කළ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ විධායක ක්‍රමය ඉවත් කරන්න ඕන කියලා කිවුවා.19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ටිකක් හරි බලතල අඩු කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විතරයි.අද වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙලා තියෙනවා අපි සියලු දෙනාම ඡන්දයකට ලෑස්ති වෙලා ඉන්න වෙලාවක විධායකය අහෝසි කරන්න මේ වෙලාවේ අපි කැමති නැහැ.අපි මේ ජනාධිපතිවරණයට යන්නේ ඉතා කැමැත්තෙන් අපිට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්.විධායකය මේ වෙලාවේ අහෝසි කරන්න යන එකට එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂත් විරුද්ධයි.අපි කැබ්නට් රැස්වීමට කලින් අරලියගහ මන්දිරයේදී අමාත්‍යවරු රැස් වුණා.එතනදිත් අපි විරුද්ධ වුණා.ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු අමාත්‍ය මණ්ඩල රැසිවීමේදීත් අපි ඒකට අමාත්‍යවරු කිහිප දෙනෙක් හැර අනිත් අමාත්‍යවරු විරුද්ධ වුණා. අපි විධායකය අහෝසි කරන එක ගැන මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ප්‍රකාශයට පත් කරන්නම්.දැන් මේ වෙලාවේ ඒකට අවස්ථාව නෙමෙයි කියන එකයි අපේ අදහස.

අපි කැබිනට් මණ්ඩලයේදී මේකට දැඩිව විරුද්ධ වුණා.අනික විධායකය ඉවත් කරන්න නම් තුනෙන් දෙකක බලයක් ඕන .මේ වෙලාවේ ඒක ලැබෙන්නේ නැහැ.කවුද මේක ගෙනාවේ කියලා නම් අපි දන්නේ නැහැ.
මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කලාය.

අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපති අපේක්ෂකම ගන්නවා.ඒක ලැබෙනවා .විධායකය අහෝසි කරන්න මේ වෙලාවේ අවස්ථාව නෙවෙයි.මේ වෙලාවේ ඒක අහෝසි කරන්න රවුෆ් හකීම් මනෝ ගනේෂන් පාඨලී චම්පික රණවක
ඇමතිතුමාලා විරුද්ධයි.අපි අහන්නේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවක ඇයි මේ විධායකය අහෝසි කරන්න යෝජනාවක් කළේ යැයි ද අමාත්‍යවරිය තවදුරටත් පැවසුවාය.

රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කම්කරු හා වෘත්තිය සබදතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වීය.

 

Post Views: 9
Previous Post

යාපනය ජෙයපූර් ආබාධිතයන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රුපියල් මිලියන 19 ක අමුද්‍රව්‍ය ආධාර

Next Post

අධ්‍යාපනයේ තරඟකාරීත්වයට වැට කඩුලු බැඳිය නොහැකියි – ජනපති කියයි

editor

editor

Next Post

අධ්‍යාපනයේ තරඟකාරීත්වයට වැට කඩුලු බැඳිය නොහැකියි - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved