• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධ්‍යාපනයේ තරඟකාරීත්වයට වැට කඩුලු බැඳිය නොහැකියි – ජනපති කියයි

21 September 2019
in දේශීය

සෑම විෂය ක්ෂේත්‍රයකට ම අදාළ ව රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද පැවතිය යුතු බව තම ප්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඒ අකාරයෙන් ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ද පැවතීම අනිවාර්ය බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කරන ලද වෛද්‍ය සිසුන් සහ දෙමාපියන් සමඟ ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති හමුව අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ විදෙස් රටවල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විදේශ විනිමය ලෙස වසරකට රුපියල් කෝටි 800ක මුදලක් පිට රටට ගලා යන බවයි.

අධ්‍යාපනයේ තරගකාරිත්වයට වැට කඩුලු බැඳිය නොහැකි අතර එම අභියෝගය ජයග්‍රහණය කළ හැකි අන්දමින් අධ්‍යාපන ක්‍රමය සංවර්ධනය විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

පසුගිය වසර කිහිපය පුරා ඇතමුන් විසින් තම පටු දේශපාලන වුවමනා ඉටු කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් මෙහයවුව ද එම සිසුන් රැක ගනිමින් ඔවුන්ගේ ගැටලු විසඳා දීමට තමන් කැපවූ බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේ ය.

රටේ ම දරුවන් තම දරුවන් ලෙස සලකන බව පැවසූ ජනාධිපතිවරයා දෙමාපියන් තම දරුවන්ට ආදරය කරන තරමින් පාලකයන් ද රටේ දරුවන්ට ආදරය කළ යුතු බව ද කියා සිටියේ ය.

මෙහි දී ජනාධිපතිවරයා වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදුකරමින් කියා සිටියේ පළමු පත්වීම ලබා අවම වශයෙන් වසර 10ක් වත් සිය මාතෘ භූමිය වෙනුවෙන් සේවය ලබා දෙන ලෙස රටේ ප්‍රධාන පුරවැසියා ලෙස තමා එම සියලුදෙනාගෙන් විවෘත ඉල්ලීමක් සිදු කරන බවයි.

පළමු පත්වීම් ලැබීමටත් පෙර ඇතැම් වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් රට හැර යාම ඛේදවාචකයක් බව පැවසූ ජනාධිපතිවරයා එය රටේ ඉදිරි ගමනට අභියෝගයක් බවත්, රටට ආදරය කිරීමට මෙන්ම තමන්ගෙන් රටට ඉටුවිය යුතුකම් පිළිබඳ උසස් අධ්‍යාපනයෙන් දී එම සිසුන්ට දැනුමක් ලබාදීමේ වැදගත්කම ද පැහැදිළි කළේ ය.

ආරක්ෂක ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය යන මහත්වරුන් සහ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

 

Post Views: 7
Previous Post

හකීම් වෙනුවෙන් පෙනී සිටිනවා – ඇමැතිනි තලතා 

Next Post

නිශ්ශංක ඔබ දුරකථන සංවාදය විකෘති කරලා – මුළු සංවාදයම දාන්න – දිල්රුක්ෂි කියයි

editor

editor

Next Post

නිශ්ශංක ඔබ දුරකථන සංවාදය විකෘති කරලා - මුළු සංවාදයම දාන්න - දිල්රුක්ෂි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved