• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හදිසි ආපදා තත්ත්වයට මුහුණ දෙන්න රජය සූදානම්

15 August 2019
in දේශීය

ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානම් බවත් විපතට පත්වන පුද්ගලයන් මුදවාගැනීමට හා ඔවුන්ට සහන සේවා සැපයීම සඳහාත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලෙකම්වරු දැනුම්වත් කර ඇති බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරය මේ බව පැවසුවේ දැනට අධික වැසි පවතින දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරුන් මගින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇති බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක හදිසි ආපදා තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඇතැම් ස්ථානයන්හි පවුල් රැසක් අවතැන් වී තිබෙනවා. එ් වගේම තවදුරටත් වර්ෂාව ඇතිවුණහොත් ගංවතුර තත්ත්වයක් දක්වා මෙය වර්ධනය විය හැකියි. දැඩි වර්ෂාපතනය අඟහරුවාදා දිනය මුළුල්ලේම පැවැති නිසා නාය යාමේ අවදානම් සහිත ස්ථානවල පදිංචිකරුවන් ද ඉවත් කිරීමට සිදුවුණා. මෙවැනි හදිසි අවස්ථාවක දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපට මූළික සූදානමක් තිබෙනවා. දැනටමත් දිසාපතිවරුන් මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ටත් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධ උපදෙස් ලබා දී තිබෙනවා. ඇතිවන ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට රජය සූදානමින් සිටිනවා. එමෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දැඩි වර්ෂාව පවතිනානම් තමන් පදිංචි ස්ථානවල නායයාමේ අවදානමක් හෝ එවැනි ලක්ෂණ පෙන්වනවානම් සහ ගංවතුරින් යට වීමට ඉඩ ඇත්නම් හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථානවෙත ඉවත්වන්න කියා. තමන්ට යම් විපතක් සිදුව ඇත්නම් ග්‍රාම නිලධාරීවරයා හෝ ක්ෂේත්‍ර නිලධාරීවරයකු මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම්වත් කරන්න කියා අප ඉල්ලා සිටිනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

 

Post Views: 13
Previous Post

ශ්‍රී ලංකාවේ සූර්යබල විදුලි උත්පාදනය කෙරෙහි ස්විස්ටර්ලන්තයේ විශේෂ අවධානය

Next Post

වන්නී සංවර්ධනයට විශේෂ පියවර රැසක් ගන්නවා – අගමැති

editor

editor

Next Post

වන්නී සංවර්ධනයට විශේෂ පියවර රැසක් ගන්නවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved