• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ නීතිමය ප්‍රතිසංස්කරණ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට භාර දෙයි

13 February 2019
in දේශීය

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියාකළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය වෙත භාරදීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී ඊයේ (12 ) පස්වරුවේ සිදු විය.

එම කමිටුව 2015අප්‍රේල් මස 06 වන දින සාමාජිකයින් දොළොස් දෙනෙකුගෙන් යුතුව පත් කර ඇති අතර භාරදුන් වාර්තාවේ නිර්දේශවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ඒ අනුව 2015 වසරේ අප්‍රේල් මස 06 වන දින එවකට අධිකරණ අමාත්‍යවරයා විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ධූලක වේදය හා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු ,අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් සමරවීර, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ.කේ.ඩී.ඩී.අරන්දර ,අධිකරණ අමාත්‍යාංශයේ උපදේශිකා දිල්හාරා අමරසිංහ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ජී.ඒ.බී.පිලපිටිය, නීතී කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂී සමරවීර කොළම ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්න පෙරේරා ,ඇහැලියගොඩ දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජේ.ඒ.එස්.පී.අබේව්ක්‍රම, කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අශ්රෆ් රූමි ,කොළඹ විශ්ව විද්‍යාලයේ ධූලක වේදය හා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය ජේන් පෙරේරා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත් කර තිබේ

 

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ඇති ක්‍රියා පටිපාටිය හදිසි මරණ මරණයකදී ඔවුන් ක්‍රිය කළ යුතු ආකාරය පිළිබඳව භාර දුන් වාර්තාවේ ඇති නිර්දේශවලට අනුව ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවයි.

වර්තමානයට ගැළපෙන ආකාරයට හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ඇති කාර්ය පටිපාටිය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

වාර්තාව භාරදීමේ අවස්ථාවට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්න පෙරේරා ,කොළඹ විශ්ව විද්‍යාලයේ ධූලක වේදය හා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය ජේන් පෙරේරා ,අධිකරණ වෛද්‍ය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අශ්රෆ් රූමි යන මහත්වරුන් එක් විය.

Post Views: 44
Previous Post

වෛද්‍ය නිල නිවාස ඉදිකිරීම කඩිනමින් – ඇමැති රාජිත කියයි

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා

editor

editor

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved