• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හොර පාරේ රට ගිහින් අමාරුවේ වැටෙන්න එපා .. ! මනුෂ නානායක්කාර

21 January 2019
in දේශීය

නීති විරෝධී ලෙස විදේශ රැකියා සදහා පිටත්ව ගොස් දැන දැනම අමාරුවේ නොවැටීමට ශ්‍රමිකයින් වගබලාගත යුතු බවත්, නොයෙක් කරදරවලට මුහුණදුන් බවට මාධ්‍ය ඔස්සේ හඩ නගන්නේ මෙසේ නීති විරෝධී ආකාරයට විදේශ ගතවූ පිරිස් බවද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

විගමණික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය සෑම අවස්ථාවකදීම පියවර ගන්නා බවද ඔහු පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සදහා පසුගිය 19 වනදා ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී පැවති උත්සවයකට එක්වෙමින්. මෙහිදී දකුණු පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 383 දෙනෙකු සදහා කාර්යාංශය මගින් රු. 9,495,000.00 ක ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ” පහුගිය කාලයේදී අපි ශ්‍රී ලංකාවේ කියලා කියන්න ටිකක් ලැජ්ජාවෙන තත්වයක් තිබුණේ. මොකද මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් විදියට තමයි අපේ රට හංවඩු ගැහිලා තිබුණේ. හැබැයි අද නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටක් ලෙස ලෝකය පිළිගන්නවා. මේ පිළිගැනීම වටින්නේ දේශපාලඥයින් වන අපිට නොවෙයි. මේක වටින්නේ හෙට දවස භාරගන්න දරුවන්ටයි. ඒ නිසා මේ රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා කියන සිතුවිල්ල මේ දරුවන් ඇතිකරගත යුතුයි. අපි ආණ්ඩුවක් විදියට විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් අපේ කෙලෙහිගුණ සලකනවා. තමන්ගේ අම්මට තාත්තට, වැඩිහිටියන්ට සලකන්නේ නැතිනම් ඒ අයගෙන් කිසිම වැඩක් නැහැ. තමන් උපන් රටට, තමන් උපන් ප්‍රදේශයට සේවයක් කරන්නේ නැති නම් ඒ අය කවුරු වුනත් කිසිම වැඩක් නෑ. මුල අමතක කරනවා නම් රටේ ජනාධිපති වුනත් වැඩක් නෑ. කෙළෙහිගුණ අමතක කරනවා නම් රටේ ජනාධිපතිවුනත් වැඩක් නෑ. කෙළෙහිගුණ මතක තියෙන ජාතියක්, පුරවැසියන් බවට අපේ දරුවන් පත් කළ යුතුයි. විදේශගත ශ්‍රමිකයින්ගේ ගැටලු ගැන විවිධ අවස්ථාවලදී තොරතුරු වාර්තා වෙනවා. විදේශගතව සිටින ශ්‍රමිකයින්ට මොනවා හරි කරදරයක් වෙනවා නම් අපි ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. හරි පාරෙන් විදේශගත වුනොත් ගැටලුවලට මුහුණදෙන්න වෙන්නේ නෑ. නීති විරෝධී ලෙස විදේශ ගතවෙලා ඉන්න ශ්‍රමිකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපිට අපහසුයි. අද නොයෙක් ගැටලුවලට මුහුණදීමට සිදුවෙලා තියෙන්නේ නීති විරෝධී ආකාරයට විදේශගතවූ අයටයි. නීත්‍යානුකූල නොවන ආකාරයට රැදී සිටින සමහර අය ගෙන්වාගැනීමට නොහැකිවී තිබෙන්නේ ඔවුන්ට නඩු කටයුතුවලට මුහුණදීමට සිදුව තිබෙන නිසයි. ඒත් හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා මේ හැම රටකටම ගිහින් ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒත් උවමනාවෙන් කරදරයේ වැටෙන්න එපා කියන පණිවුඩය ලබාදෙන්න ඕන. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසිය.

මෙම අවස්ථාට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා, අතිරේක සාමාන්‍යාධිකාරී කිෂෝලි පෙරේරා මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත වීරසේකර මහතා, ගාල්ල ලංකා බැංකුවේ කළමනාකරු ඇතුළු පිරිසක් එක්විය.

Post Views: 18
Previous Post

දානපතීන් හා එක්ව පැල්පත්වාසීන්ට ඇමති අශෝක් ගෙවල් හදයි

Next Post

එල්ලෙන්න වැල් නැතිව ව්‍යවස්ථාවක එල්ලෙන්න හදනවා – ඇමති කබීර්

editor

editor

Next Post

එල්ලෙන්න වැල් නැතිව ව්‍යවස්ථාවක එල්ලෙන්න හදනවා - ඇමති කබීර්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved