27 April 2024
#දේශීය

අගවිනිසුරුට ලිපියක් යොමු නොකල බව කථානායක කියයි

ගරු අගවිනිසුරුතුමන් අමතා යොමු කරන ලද බවට සඳහන් වන 2018.11.20 දිනය සඳහන් යුත් ලිපියක් මේ වන විට සමාජමාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව අපගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

එම ලිපිය මුළුමනින්ම සාවද්‍ය වන අතර, කථානායකතුමන් විසින් එවන් ලිපියක් යොමු කර නොමැති බව කථානායක මාධ්‍ය අංශය අවධාරණය කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *